අපිට ඕන විදියට මැතිවරණ තියන්නේ - මරික්කාර්
පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් සමග දිගටම ආණ්ඩු කරගෙන යෑමට සූදානමක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
“2019 ජනවාරි 8 වැනිදායින් පස්සේ ජනපතිවරණයක් තමයි තියන්න පුවවන්. පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 අගොස්තු 17 වැනිදා වෙනකම් තියන්න බෑ.
මහින්ද රාජපක්ෂ මහත්තයා බලහත්කරකමින් අගමැතිකම අරගෙනත් ඉන්න බැරිවුණානේ. එයා කොහොමද මැතිවරණයක් තියන්නේ. අපිට ඕන විදියට මැතිවරණ තියන්නේ.
අපිට පාර්ලිමේන්තුවේ 106ක් තියෙනවා. වැඩිම ආසන තියෙන පක්ෂය ලෙස අපි ආණ්ඩුව කරගෙන යනවා. ඒ නිසා මහින්ද මහත්තයට කියනවා ජන බලයක් තියෙනවානම අපි තියමු ජනපතිවරණයක් කවුද දිනන්නේ බලන්න.
බෙදිලා වෙන්වෙනා හිටිය එක්සත් ජාතික පෙරමුණේ සියලු දෙනා එක්වි තිබෙනවා. මේ තමයි හොඳම වෙලාව. අපි ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමයි පොහොට්ටුවයි ඔක්කොම එකයි. අපිට නම් අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ අයට අපේක්ෂකයෙක් නෑ.
අපිට නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් අරගෙන ආණ්ඩු කරගෙන යන්න බලනවා. අපි දිගටම TNA සමග ආණ්ඩු කරන්න සූදානම් නෑ. ඒ අයගේ කොන්දේසිවලට එකඟවෙන්න බෑ. එහෙම නොවුණොත් අපි මැතිවරණයකට යනවා තීරණය තියෙන්නේ අපේ අතෙයි.”

popular news
-
sg Sunday, 30 December 2018 11:14 PM
ithin ikmanin mathiwaranayak thiyannako...
Reply : 0 0
lion Monday, 31 December 2018 06:19 AM
මේ කට හින්ද පක්ෂේත් නසන තමනුත් විනසකර ගන්න ෙකෙනෙක්
Reply : 0 0
මුනසිංහ Monday, 31 December 2018 06:48 AM
ඔය චණ්ඩි පාට් ඡන්දයක් තියනකම් විතරයි. පුලුවන් නම් ඉක්මනටම ඡන්දයක් තියන්න. දොඩවන්නේ නැතිව. ඇපත් නැතිවෙන හැටි බලාගන්න පුලුවන්. ටීඑන්එකේ වල්ගේ එල්ලිලා දැන් මේ ගොල්ල යන්නේ.
Reply : 3 7
Deepal Nirosh Monday, 31 December 2018 03:08 PM
පුළුවන්නම් මහ මැතිවරණයක් තියල පක්ෂයට පෙර තමුන්ගෙ කොට්ඨාශය දිනවල පෙන්වන්න.
Reply : 0 7
සෙනෙවි Tuesday, 01 January 2019 09:28 AM
ඡන්දෙදි ඔබට දෙන්නං ජම්බූ
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

