අපට තරඟය තියෙන්නේ රට ඇතුළෙ නෙවෙයි ලෝකය සමඟයි - බදියුදීන්
අපට තියෙන්නේ ලෝකය සමඟ තරඟයක් බවත් ලංකාව ඇතුලේ තරඟයක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බිදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෘත්තීය පුහුණු අධිකාරියට අයත් පුහුණු ආයතනවල පාඨමාලා සාර්ථකව හැදෑරූ පුහුණු ලාභීන් 625 දෙනෙකු සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,
'' මම සතුටු වෙනවා විෂය භාර අමාත්‍යවරයා ලෙස අද ඔබ මෙලෙස ඇමතීමට හැකිවීම ගැන. අද විශ්ව විද්‍යාල සඳහා වසරකට 30,000 ක් පමණ පිරිසක් ඇතුළු වෙනවා. වෘත්තීය පුහුණුව සඳහා ලක්ෂයක පමණ පිරිසක් ඇතුළත් වෙනවා. තවත් ලක්ෂයකට අධික පිරිසක් කිසිවක් නැතුව සිටිනවා. මීට කලින් වෘත්තීය පුහුණුව සඳහා ඇතුළුවීමට මුදලක් අය කළත් අපගේ රජය වෘත්තීය පුහුණුව නොමිලයේ ලබා දෙන්න තීරණය කළා.
හැම එකම නිකන් ලැබෙන කොට ඒවයෙ වටිනාකමක් දැනෙන්නෙ නෑ. අද අපගේ රජය වෘත්තීය පුහුණුව සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියනවා. එසේම අද වෙන තුරු මෙම අමාත්‍යාංශයේ හිටිය මැති ඇමතිවරු ඒ අයට හැකි පමණින් මහන්සිවෙලා වැඩ කරලා තියනවා. අපිට තියන තරඟය ලෝකය සමඟ තියන තරගයක්. අපේ තරගය මාතරටයි, ගාල්ලටයි, හම්බන්තොටයි , මන්නාරමයි අතර තියන තරගයක් නෙවෙයි.
ලංකාව ඇතුළෙ නෙවෙයි අපට තරගය තියෙන්නෙ. අපට තියෙන්නෙ ලෝකය සමඟ තරගයක්. අපි හිතන්න ඕන මම බෞද්ධ, මම හින්දු, මම කතෝලික, මම අම්පාර කියලා නෙවෙයි. අපි හිතන්න ඕන ශ්‍රී ලාංකිකයො හැටියට. අපි මේ රට දියුණු කරන්නයි” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Deepal Nirosh Saturday, 24 August 2019 09:59 AM
ඉතින් ශ්‍රී ලාංකික අපට නිදහසේ ඉන්න දීල ලෝකයත් එක්ක ඔය තරගය තියා ගත්ත නම් ඉවරනෙ?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

