අපට ඉන්නෙ කිරි හරක් ටිකක් විතරයි - බැසිල්
	තමා වගේම තම පියාද කිරි ගොවියෙකු වන අතර, තමාට හෝ තම පවුලේ අයට වතු, හෝටල් හෝ කොම්පැනි ඇති බවට මොන දේ පවසා සිටියත්, සැබැවින්ම තමන්ට සිටින්නේ කිරි හරක් ටිකක් පමණක් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
	අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ, නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලාංකික කිරි ගොවීන් සවිබල ගැන්වීමට කටයුතු කර වසර 30ක් සපිරීම නිමිතේතෙන්, එම කිරි ගොවීන් 1,200ක් අගය කිරීම වෙනුවෙන් ඊයේ (02දා) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ උත්සව සභාව අමතමිනි.
	"මමත්, මගේ පියාත් ඔබ වගේම කිරි ගොවියෙක්. මම හිතන්නෙ, ඔය මොන දේ කිව්වත්, මට හෝ අපේ පවුලට අර වත්ත තියෙනවා, මේ වත්ත තියෙනවා, මේ හෝටලේ තියෙනවා, අර කොම්පැනිය තියෙනව කිවවත් අපිට ඒවා නෑ. අත්තටම අපිට ඉන්නෙ, ඔබට වගේම කිරි හරක් ටික පමණයි. මමත් කිරි ගොවියෙක්. ඒ නිසා, ඔබ මේ කරන සේවය, ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කරන කාර්යයට ශක්තියක් වේවි. ඒ වගේම, නෙස්ලේ ආයතනය ඔබවත් ශක්තිමත් කිරීමට ගන්නා මේ උත්සාහය තවත් ශක්තිමත් වේවායි මා ප්‍රාර්ථනා කරනවා." යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                