අනුරාධපුර මහනගර සභාව මගින් අනුරාධපුර කීරික්කුලම කසල අංගණයට කැලි කසළ බැහැර කරනු ලබන්නෙන් මහජන සෞඛයට අහිතකර අන්දමින් බවට අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා කරනු ලැබීය.
ඒ අනුව අනුරාධපුර මහනගර සභාවට සහ නැගෙනහිර නුවර ගම් පළාත ප්‍රාදේශීය සභාවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ, මහජනයාට පීඩාවක් ඇති වන අයුරින් සහ මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් මෙම කසල අංගණයට කැලි කසල බැහැර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි.
කීරික්කුලම කසල අංගණයේ සහ ඒ අවට තැන තැන දමා ඇති කැලි කසල එම ස්ථාන වලින් වහාම ඉවත් කර ගන්නා ලෙසටත් ජල පෝෂක ප්‍රදේශ වලට සිදු වන හානිය වළක්වා ගත යුතු බවටත් තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍යයට හානි වන කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වළකින ලෙසටද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.
මෙම කසල අංගණයේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් කසල අංගණය සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු බවටත් මාස හයක් ඇතුලත කසල අංගණය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්නායකයන් වලට අනුව විධිමත් අකාරයෙන් සකස් කර ගත යුතු බවටද නියෝග කරනු ලැබීය.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ කීරික්කුලම ශ්‍රි බෝධිරාජ ධර්මාලංකාර විහාරාධිපති පීනගම සද්ධාජීව හිමියන් සමඟ කීරික්කතුලම පදිංචිකරුවන් වන එච් එම් රෝහණ සමරසිංහ ජයතිලක, එස්. ප්‍රියන්ති මල්ලිකා, ජී.ඩබ් උපුල් බංඩාර ජයතිලක, එච් ආර් රූපා රංජනී , ඒ ජී ලීලාවතී, ජේ. ධනවංශ, පී. සුමනලතා , යූ අනුර සේනාරත්න සහ යූ බී ඒ සම්පත් බංඩාර යන මහත්ම මහත්මීන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, එහි ලේකම්වරයා, අනුරාධපුර නගරාධිපතිවරයා, එහි ලේකම්වරයා, අනුරාධපුර නගාරික කොමසාරිස්වරයා, උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කලේ අනුරාධපුර කීරික්කුලම ප්‍රදේශයේ පිහිටි ප්‍රශ්න ගත කසළ අගංනය පවත්වා ගෙන යාමට වගඋත්තරකරුවන් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන නොමැති බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය නිකුත් කරනු ලැබීය.
