අන්තවාදී ත්‍රස්තවාදය මෙතනින් අවසන් වෙන්නේ නෑ
අන්තවාදී ත්‍රස්තවාදය නුඳුරේදී අවසන් නොවෙනු ඇති බවත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (09) මහනුවරදී මල්වතු, අස්ගිරි හා රාමඤ්ඤ මහ නායක හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසිය.
“රට සාමන්‍ය තත්ත්වයට පත් කිරීම පිළිබඳව මම අද මහනායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළා. ඒ වගේම මේ වන විට අපි ගෙන ඇති පියවර පිළිබඳවත් උන්වහන්සේලා දැනුම්වත් කළා.
අනාගතයේ දී නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට අපි වගබල ගත යුතුයි. මෙම අන්තවාදී ත්‍රස්තවාදය මෙතනින් අවසන් වනු ඇතැයි අපිට බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීමත්, අන්තවාදය වැළැක්වීමට කටයුතු කිරීමත් අපේ වගකීමක් වෙනවා.
වෙසක් උත්සවය සැමරීම පිළිබඳවත් මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කළා. ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව උන්වහන්සේලා මා සමග පැවසුවා. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජා කටයුතු හැකි තරම් විහාරස්ථානයන් තුළට සීමා කරනවා නම් එය වඩාත් සුදුසුයි. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂක අංශ සමග සම්බන්ධ වී වෙසක් උත්සව වැඩ කටයුතු කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට අපි සකසා තිබෙනවා.”




popular news
-
Champa Thursday, 09 May 2019 04:53 PM
කිසි ත්රස්තවාදයක් නැතුවත් ඕකම ගිය අවුරුද්දේත් කිව්වා. ඉස්කෝල අරින්න පුළුවන් නම් වෙසක් පන්සල් වලට සීමා කරන්නේ මොකොටද? ආමිස පූජා නැතුව ප්‍රතිපත්ති පූජා කරන්නලු. යකාගේ මිනිහ අපිට වෙසක් සමරන හැටි කියා දෙන්න. වෙසක් දවසට ආලෝක පූජා කරන්නේ බුදු රජාණන්වහසේ සියලු සත්වයන් අඳුරෙන් මුදවල ආලෝකය ලඟා කරලා දුන්න කියන එක සංකේතවත් කරන්න. අනිත් එක ප්‍රතිපත්ති පූජා කරනවා කියන්නේ සිද්ධස්ථාන වලට දහස් ගණන් මිනිස්සු රැස්වීම. ගිය අවුරුද්දෙත් මේ විදිහටම වෙසක් දවසට ලංකාවම අඳුරේ තියන්න plan ගැහැව්වා මුස්ලිම් දේශපාලකයන්ගේ කීම අහල. මේ පාරත් එහෙමයි.
Reply : 0 0
Kumar Thursday, 09 May 2019 07:21 PM
අගමැතිතුමාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම ඇත්ත. මතකද JR කොටි ගැන කියූ කථා. වසර දෙකකින් අවසාන කරනවා කියූ දෙය වසර තිහක්ම තිබුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

