අකුරැස්ස, තලහගම ප්රදේශයේදී විදුලි සැරවැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අද (06) උදෑසන 07.30ට පමණ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි, 56 හැවිරිදි සහ 76 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.
අකුරැස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.