අනතුරු හේතුවෙන් විනාඩියකට අටක් රෝහලට
අනතුරු වලට මුහුණ දීම හේතුවෙන් සෑම මිනිත්තුවකටම පුද්ගලයන් 8 දෙනෙකු රෝහල් ගත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසා සිටියේය.
එසේම මෙලෙස අනතුරුවලට මුහුණ දෙන පුද්ගලයන් පැයකට එක් අයෙකු ලෙස සෑම වසරකම පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වන බවද හෙතෙම පවසා සිටියේය.
වර්තමානයේ සිදු වන අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් සතුන් සපා කෑම නිසා සිදු වන අතර එහි ප්‍රතිශතය 33.1% ක් ද බවද ඔහු පැවසීය.
මේ අතර වැටීම් හේතුවෙන් 18.0% ක්ද , ප්‍රවාහනය ආශ්‍රිතව 15.9%ක්ද ලෙස අනතුරු වාර්තා වන බවත් මේ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ රිය අනතුරු හේතුවෙන් වන බවද අධ්යක්ෂවරයා පැවසා සිටියේ අද 14දා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති ජාතික අනතුරු නිවාරණ සතිය නම් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

