අධිවේගී මාර්ග 339KM වැඩ අවසන්
වර්තමාන රජය යටතේ ගතවූ වසර හතරහමාර තුළ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 339.3ක් වැඩ ආරම්භ කර අවසන් අදියරට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය පවසයි.
ඉදිරි මාස කිහිපය තුළ මාතර - හම්බන්තොට අධිවේගයේ අදියර කිහිපයක් හා මධ්‍යම අධිවේගයේ අදියර කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද එම ඒකකය සඳහන් කරයි.
ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 137.1ක්ද, මාතර-හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 96ක්ද, රුවන්පුර අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74ක්ද, පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කිලෝමීටර් 17.3ක්ද, පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6ක්ද, වරාය පිවිසුම් මාර්ගය කිලෝමීටර් 5.3ක්ද ඉදිකර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන එක්කය පෙන්වා දෙයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මේ වසරේ අගෝස්තු මාසය අවසන් වනවිට මෙම දත්ත ලබාදී තිබෙන බවද එම ඒකකය පවසයි.
එහෙත් පසුගිය රජය යටතේ වසර 10ක් තුළදී කොට්ටාව-මාතර අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 127ක්ද, කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 25.8ක්ද, පිටත වටරවුමේ කොට්ටාව - කඩවත කොටසේ කිලෝමීටර් 19.9ක්ද වශයෙන් එම කාලය තුළ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 172.7ක් පමණක් ඉදිරිකර තිබුණු බවද අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
රංග තේනුවර Sunday, 01 September 2019 07:35 PM
අධික වේගය මරු කැඳවයි. එම නිසා මෙම මාර්ග වල වේගය පැයට කිලෝමීටර් 60 දක්වා පහත හෙළනා මෙන් අප ආණ්ඩුවෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.
Reply : 0 1
anura kumara Monday, 02 September 2019 09:04 AM
වසර පහකින් පමකරන ලද බව නොපැවසේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

