අධිවේගයේ මත්තල දිගුව සති දෙකකින් ජනතා අයිතියට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව ඉදිරි සති දෙක තුළ ජනතා අයිතියට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
ඒ අනුව කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන අතර අන්තර් හුවමාරුවක් සහිත අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන නව අධිවේගී මාර්ගයක්ද (E6) මේ යටතේ ඉදිකර ඇත.
දක්ෂිණ අධිවෙගී මාර්ගයේ සිවුවැනි අදියර ලෙස මෙම ඉදිකිරිම් සිදුකර ඇති අතර රුපියල් බිලියන 52ක මුදලක් ඒ වෙනුවෙන් අයෝජනය කර තිබේ.
මේ අනුව දක්ෂිණ අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 22ක දිගුත් යුතු වැටිය - මත්තල දක්වා කොටස හා කිලෝමීටර් 16.5ක දිගින් යුත් අන්දරවැව - හම්බන්තොට දක්වා ලෙස මෙම අධිවේගි මාර්ග ඉදිකර ඇත.
චීන රජයේ ණය ආධාර මත ඉදිවන මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් චයිනා හාබර් සමාගම විසින් සිදුකරනු ලබයි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සම්බන්ධ කරනු ලබන මෙම අධිවේගී මාර්ගය මංතීරු 4කින් යුක්තය. පාලම් 12ක් හා බෝක්කු 71ක් එයට ඇතුළත් වෙයි.මෙහි ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 19 ආම්භ කළේය.

popular news
-
Kumar Wednesday, 02 October 2019 09:26 PM
නව මාර්ගය නිසා වාහන තදබදය හම්බන්තොට දක්වා අඩුවෙනවා. එතැන් සිට කතරගම දක්වා දෙවියන්ගේ පිහිට තමා. ගමන් කාලය කෙටි වීමෙන් ඉන්ධන පාවිචිය අඩුවෙන අතර රටටත් වාහන හිමියාට මුදල් ඉතිරිකරගන්න හැකිවෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

