අධිවේගයේ බලපත් නැති බස් නිසා ලක්ෂ 2000ක් අහිමියි
අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බස් රථ එකසිය පනහකට අධිකප්‍රමාණයෙන් බස් රථ 87කට ස්ථිර මාර්ග බලපත්‍ර නොමැති බවත් මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මේ නිසා එක් මාසයකට ආසන්න වශයෙන් රජයට රුපියල් ලක්ෂ 166ක් අහිමිවන බවත්,වාර්ෂිකව එම මුදල රුපියල් ලක්ෂ දෙදහසක් බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
දේශපාලනඥයෝ හිතවතුන්ට අධිවේගී මාර්ගය හරහා නීතිවිරෝධී ලෙස මුදල් උපයා ගැනීම සඳහා බස්රථ මාර්ග බලපත්‍ර ටෙන්ඩර දැමීම සිදු නොකර තාවකාලික බලපත් ලබාදීමේ ජාවාරම් කටයුත්ත නිසා රජයට මෙම මුදල අහිමිවන බවද ඒ මහතා පවසා සිටියේය.
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත යාපනය, කොළඹ අතර ධාවනය වූ බස් රථයක් අධිවේගී මාර්ගය හරහා මාතර, මීගමුව අතර ධාවනයට යොදවා තිබෙන බවද සභාපතිවරයා පැවසීය.
මෙම නීතිවිරෝධී කටයුත්ත පිළිබඳ හා තාවකාලික බලපත්රමගින් බස්රථ ධාවනයට ඉඩදී රජයට සිදුකරනඅලාභය පිළිබඳ පරීක්ෂණයක් බවත්, වැරදි කරුවන්ට නීති මගින් කටයුතු කරන ලෙසට අද(01දා) දින අල්ලස් කොමිෂමට පැමිණිලි කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
-
Gamarala Thursday, 01 August 2019 03:19 PM
ඉස්සර ඔීව තිබුනද? ඇයි දැන් මෙීවා වෙන්නේ. ඔය කයිය ගහන මහත්තයත් හවුල්වෙලා සතයක්වත් හොරකමි නොකරපු හොර වැඩ නොකරපු හිටපු සභාපති එලව ගත්තට නිසා ඇතිවුන ප්‍රතිඵල තමා දැන් අපිට ලැබෙන්නේ . මෙයින් අපට තමා පාඩුව. හිටපු සභාපති මුදල්ව වලට, දේශපාලනයටල මැරබලයට යටවුනේ නැහැ. එයාගෙන් කරගන්නට බැරි උන දේවල් දැන් සල්ලි වලට කරගන්නවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

