අධිකරණ තීන්දු ඉක්මනින් දෙයි කියලා හිතනවා
අධිකරණය විසින් කුමන තීන්දුවක් ලබාදුන්නත් තමන් එය පිළිගන්නා බවත් අධිකරණය සිය තීන්දු තීරණය ඉක්මනින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේ පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මුළු රටම වෙනස් කරන්න ගත් උත්සාහයේ බෙහෝ ප්රයත්නයන් සාර්ථක වුණා වගේම අසාර්ථක වූ අවස්ථාත් තියනවා. අද අප මුහුණ දී සිටින දේශපාලන අර්බුදය එවැන්නක්. මේක සමහර අය දකින්නේ දේශපාන පක්ෂ අතර ප්‍රශ්නයක් හෝ මමත් රනිල් වික්‍රමසිංහ මහතාත් අතර ප්‍රශ්නයක් හැටියටයි.
නමුත් මෙම ප්රශ්නය එවැන්නක් නොව, ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව මම කිව යුතුයි. අප ලෝකයේ තවත් විදෙස් බලවේග වලට යටත් නොවී, තවත් රටක හෝ බලවේගයක තර්ජන වලට යටත් නොවී ස්වාධීන රටක් ලෙස නැගී සිටීමට දරන උත්සාහයේ දී ඊට එරෙහිව නැගී ඇති අභියෝගයක් හැටියටයි මා මෙය දකින්නේ. මීට අවුරුදු හැත්තෑවකට පෙර අධිරාජ්‍යවාදයෙන් නිදහස් වූ අපි ස්වාධීන ගමනක් යන්නට උත්සාහ දරද්දී පරණ අධිරාජ්‍යවාදී සෙවණැලි අපිට බාධා කරනවා.
මේ දේශපාලන අර්බුදයේ කොතරම් දුර ගියා ද කියනවානම් අද අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් තිබුණත්, ඒවායේ කි‍්‍රයාකාරීත්වය නැවතිලා තිබෙනවා. රටේ ජනාධිපතිවරයාට තනි පුද්ගලයෙක් විදියට ව්‍යවස්ථානුකූලව මේ වන විට බලය ලබා දීලා තිබෙනවා. මම එය කිසිසේත් ම සතුටු වෙන කාරණයක් නොවෙයි. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ යුතු රටක තනි පුද්ගලයෙකුගේ පාලනයක් රටට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.
මේ තනතුර මා හොබ වන කාලය තුළ විශේෂයෙන්ම ගෙවී ගිය දින කිහිපයේ අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලක කි‍්‍රයාකාරීත්වය නොමැතිව මම ඉතාමත් වගකීමෙන්, ඉතාමත් ඉවසීමෙන් මේ කටයුතු කරගෙන යන්නේ. අපේ අධිකරණය මේ තත්ත්වය තේරුම් අරගෙන තීන්දු තීරණ කඩිනමින් ලබා දෙයි කියලා මා විශ්වාස කරනවා. අධිකරණයේ තීන්දුව මොන ආකාරයෙන් තිබුණත් ඒ ඕනෑම තීන්දුවක් මම ගෞරවයෙන් භාර ගන්නවා. ඒ තීන්දු අනුව ගතයුතු ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග ගන්නවා.
රටේ අගමැති සහ ඇමති මණ්ඩලයේ කටයුතු නැවතිලා තිබුණා. අද ති‍්‍රවිධ හමුදාව, පොලීසිය රාජ්‍ය නිලධාරින් සියලූ දෙනා තම වගකීම් ඉතා හොදින් ඉටුකිරීම පිලිබද මම ඒ සියලූදෙනාට ස්තූතිවන්ත වෙනවා. රට තුළ සාමය පවත්වාගෙන ගැටුමක් නැතිව රට කරගෙන යන්න ඒ සියලූදෙනා ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිළධාරින් ලබාදෙන ඒ සහයෝගය මම ඉතාමත් අගය කරනවා.
මේ රට වාසනාවන්ත රටක් කියලා මෙවැනි අවස්ථාවක තමයි පෙනෙන්නේ. ජනතාවගේ සන්සුන් බව, ඉවසීම, ගැටුම් වලින් තොර සාමකාමී බව අද අපි දකිනවා.
ඒ නිසා මගේ අතට පත්වි තිබෙන මේ තනි බලය හැකි තරම් ඉක්මණින් වෙනස්වෙලා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරලා ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සමග කටයුතු කරන්නට මේ ගෞරවණිය අධිකරණය ඉතා ඉක්මණින් ඔවුන්ගේ තීන්දු තීරණ දීමෙන් පසුව හැකිවෙයි කියා මම විශ්වාස කරනවා. ඒ තුළ අප බලාපොරොත්තු වන හෙට දවස වාසනාවන්ත වන බව මට ඉතාමත් පැහැදිළියි.”
popular news
-
sg Sunday, 09 December 2018 10:43 PM
ඔබ තුමා ගත්ත තීරණ වෙලා ඒ විදිහටම ඉන්න...
Reply : 15 0
CHANDANA Sunday, 09 December 2018 11:48 PM
හෙට වාසනාව ගෙන කියන්නේ අද දවස කාල කන්නි කියලා පිළිගන්න නිසානේ එහෙම කෙරුවේ තමන් බව පිළිගන්නවනේ පහුගිය කලේ ඔබාමා රෙජින ආදී බටහිර නයකින් හමුවීම වර්ණා කලහෙටි මතකද එදා කතා කලේ කටින්ද නෙත්තම කොහෙන්ද එක අතකට කියපු දේවල් වල හෙටියට ඕකනම් මොකද්ද
Reply : 0 4
Realty Check Monday, 10 December 2018 04:15 AM
2015 ජනවාරි 8 වනදා මා ඔබහට ජන්දය දුන්නේ මහින්ද මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ වැඩපිලිවෙත් අනුමත නොකරන හෙයිනි. නමුත් බලයට පත් වූ ඔබ, එම කණ්ඩායමට එක්වී ඔවුන් වැළඳ ගැනීමෙන්, ඔබ මා රවටා ඇත.
Reply : 0 18
rocky Monday, 10 December 2018 09:33 AM
Reality Check , මටත් කියන්න ඇත්තේ ඔබ කියන කතාවමයි. මේ ජනාධිපති අපේ චන්ද ලබා ගෙන අපටම ද්‍රෝහී වුනා!
Reply : 0 1
Nandana Wednesday, 12 December 2018 09:17 PM
මොකද මෙච්චර තදියම ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
