රටේ නිතියට අනුව අධිකරණය මගින් ලබාදෙන තින්දුවට මහජන බැංකුවට ද හිස නැමිමට සිදු වි ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.
ගාල්ල හපුගල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
මන්ත්‍රිවරයා මෙසේද කිවේය.
“දේශයේ පහන් ටැඹටත් දැන් කෙලවෙලා තියෙන්නේ.අධිකරණයට තින්දුවක් ලබාදෙන්න හැකිවන ආකාරයට නිතියට පටහැනිව මේ කටයුතු තීරණය කිරිමේ වගකිම කාටද තියෙන්නේ. බැංකුව බැංකුව හැටියට අසරණ වෙලා ජනතාව ජනතාව හැටියට අසරණ වෙලා විදේශ කටයුතු අමාත්‍යංශය අසරණ වෙලා.
රට රට හැටියට අසරණවෙලා. මිට පස්සෙවත් රටේ නිතිය අනුව කටයුතු කළ යුතුයි. නියමිත ක්‍රමවේද භාවිතා කිරිමකින් තොරව හිතෙන හිතෙන විදියට නිතියට උඩින් රටේ වැඩපිළිවෙළට හා පාර්ලිමේන්තුවට උඩින් ජනාධිපති ලේකම්ලා ක්‍රියාත්මක වෙන්න ගත්විට වෙන දේ තමයි මේක.
නිතිරෙගුලාසිවලට පටහැනිව පොහොර ගෙන්විමට තින්දු කරලා. දැන් පොහොර නැතිවෙලා නුසුදුසු පොහොරක් ගෙනේවිද කියා රටම භිතියට පත්වෙලා. ලෝකයේ සියලුදේනා තරහකරගෙන තරහකරගෙන ගිහින් චිනයත් අපිත් සමග තරහවෙන මට්ටමට පත්වෙලා. මේ සදහා වගකියන්න ඕන තින්දු තිරණ ගන්නා අය. තින්දු තිරන ගැනිමේ දි රටේ තියෙන නිතිය ක්‍රියාත්මක කරන්න. තියෙන ක්‍රමවේද අනුගමනය කරන්න එසේ නොකළහොත් මිටත් වඩා බරපතල තත්වයක් රටේ ඇතිවෙන්න පුළුවන්.
රවීන්ද්‍ර ශ්‍රීලාල්, චන්දන සමරවික්‍රම