අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නේය. ඒ අනුව අධිකරණයට අපහාදස කිරීම යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව දෙවැනි වරටත් චෝදනා පත්‍ර භාරදුන්නේය.
පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි රන්ජන් රාමනායක මහතාට චෝදනා පත්‍ර භාරදීමක් සිදුවිය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ මෙම දෙවැනි චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී.බී.දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (30දා) බාරදීම සිදු විය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අධිකරණයට අපහාස නඩුව නැවත දෙසැම්බර් මස 2 වැනි දා කැඳවීමට ද තීන්දු කරන ලදී.
