අධ්‍යාපන පද්ධතිය නවීකරණය කරනවා
විෂය මාලා සංශෝධනය කරමින් හා විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදු කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
විෂය මාලා සංවර්ධන කටයුතු වෙනුවෙන් වගකීම් දරන ජාතික අධ්‍යාපන ආයතනය වෙත මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් මේ වන විට ලබාදී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේම අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්, අධ්‍යාපනඥයන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන්ගෙන් ලබාගත් අදහස්, යෝජනා, නිර්දේශ සහ උපදෙස් අනුව පාසල් විෂය මාලා සංශෝධන හා එක් එක් විෂය අන්තර්ගතයන්හි සිදුකළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට පියවර ගන්නා බවද බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ අද (11දා) පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

popular news
-
Champa Friday, 12 October 2018 12:51 AM
Leave it as it is . You have only 1 year. Any decisions to change the education system should not be taken in a hurry.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

