අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට ගුරුවරු දැනුමෙන් යාවත්කාලින විය යුතුයි - ජනපති
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දැනුමෙන් සහ වෙනස්වන ලෝකයට ගැළපෙන නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීම මෙන්ම නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන,දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවන් ද පෝෂණය කරමින් යහපත් පරපුරක් ගොඩනැඟිමට අද දවසේ ගුරුවරයා වෙත පැවරී ඇති වගකීම අතිමහත් බවයි.
උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහඉංගී්රසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්රදානය කිරීම මෙහිදී සිදුවූ අතර සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් කිහිපදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
චමින්දා Monday, 09 September 2019 07:09 PM
ඔබතුමාගේ අදහසුත් අගමැතිතුමාගේ අදහසුත් ඉතා සමානයි කියල හිතෙනවා.මුල්න්ම විද්‍යාපීඨ ඇතිකලේ අගමැතිතුමා අධ්‍යාපන ඇමති කාලෙ.එතුමා දැනුත් කියන්නේ සියළු ගුරුවරුන් පුහුනුවිය යුතුය කියල.අනේ දෙන්නගෙ අසමගිය අතහැර රටගැන සිතා කටයුතු කරන්නකෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

