අද සමහර දේශපාලනඥයින් මහා සංඝරත්නයට අපහාස කළ රටේ සංහීඳියාව නැති කරනවා
රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන් අරගෙන ඇති බවත් අපහාස කිරිමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් ඉඳගෙන රටේ සමඟිය සංහිඳියාව නැති කරන ක්‍රියාවක නිරත වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (04) පෙරවරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.
දේශපාලන නායකයින් තම තමන්ගේ පක්ෂවල ඉන්න එවැනි උදවිය ඉවත් කිරීමට, දඬුවම් කිරිමට පියවර ගත යුතු බවත් පැවසීය.
මේ තත්ත්වයට වගකියන්න ඕනේ කවුද කියා ජනතාව විසින් තීන්දු කළ යුතුයැයිද විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඉන්දුනීසියාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය පඤ්ඤාවරෝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ගෞරවාර්හ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.

popular news
-
lion Monday, 05 August 2019 05:57 AM
ඔන්න ඇත්ත, habai ayyata මතක නැද්ද මල්වතු අස්ගිරි හාමුදුරුවෝ එපා කියද්දීත් පුත්තු rase padapuwa මහා පාරේ වැලි ගෝනි දාල
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

