අද රැස්වෙන පාර්ලිමේන්තුව නීති විරෝධීයි - SB
අද රැස්වෙන පාර්ලිමේන්තුව නීතිවිරෝධී බවත් ස්ථාවර නියෝග අත්හිටුවමින් අද දිනයේදීත් යෝජනාවක් සම්මත කර ගැනිමට යන බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ උත්සාහයක් තියෙන්නේ.
අපි කථානායකට කිව්වා ලංකාවේ බහුතරයක් නැති අගමැතිවරු පත්කර තිබෙනවා කියලා. අගමැති පත්කිරිමත්, ජනපති පත්කිරීමත් ජනපතිට තිබෙන බලයක්. මේක පාර්ලිමේන්තු ක්‍රමයක් තිබෙන රටක් නෙමෙයි. විධායක ජනපති බලයක් තිබෙන රටක්.
විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. එය නියමාකාරයෙන් ගේන්න ඕන. අදත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරලා සියලු බලය කථානායකවරයා අරගෙන මේක සම්මත කර ගැනීමට උත්සාහ කරනවා. මේ රැස්වෙන පාර්ලිමේන්තුවත් නීතිවිරෝධීයි. මේ අගමැතිවරයත් මේ ආණ්ඩුවත් නොසැලී ඉදිරියට යනවා."
popular news
-
rocky Friday, 16 November 2018 01:25 PM
තමන්ගේ ආසනේ වත් දිනා ගන්න බැරි වෙලා පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංග ගත්තු මේ පින්ගුත්තරය දැන් නීති වශාරදයෙක් වෙලා වගෙයි නේ!
Reply : 0 5
Nandana Friday, 16 November 2018 03:01 PM
මෙයා කවුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

