අද ඩොලරය නහුතෙට නගිනවා
මේ වන විට රුපියලට සාපෙක්ෂව ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ඡන්දයට බිය නොමැති බවත් ජනාධිපතිවරණයට, මහමැතිවරණයට හොඳම අපේක්ෂකයන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ තුරුම්පු ගහන්නෙ අදාළ මැතිවරණයේදි පමණක් බවත් ඔහු ප්රකාශ කළේය.
“යාපනයේ සරසවියේ කොටි සැමරුම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ සිදුවුණානම් තප්පුලන හැටි බලාගන්න තිබුණා. අද ඩොලරය නහුතෙට නගිනවා. බන්දුලට මුදල් ඇමතිකම දුන්නානම් මේක පාලනය කරයිද දන්නේ නෑ. එතුමා ආර්ථික සභාවේ චක්රවර්තීනේ.
සිංගප්පූරු ගිවිසුම හොඳ ගිවිසුමක් කිව්වා. ඒක ගැන කෑ ගහපු GMOA එකේ කතාවක් නෑ. අපි කරපු දේවල් හරි කියන තැනට දැන් පත්වෙලා. ක්රිකට් කඩා වැටිලා තිබෙනවා. ක්රිකට් කඩා වැටීමටත් වග කියන්න ඕන රනිල් වික්රමසිංහද?
ජනපතිතුමා එක තැනකදී කටින් කථා කරනවා. තවත් තැනකදී අධෝ මුඛයෙන් කථා කරන හැටි තමයි පේන්න තිබෙන්නේ. දැන් එතුමාගේ අවසන් තුරුම්පුව එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන එකයි.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

