අද කැබිනට් රැස්වීම නෑ
සෑම අඟහරුවාදා දිනයකම සාමන්‍ය පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද දිනයේදි නොපැවැත්වෙන බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු නවත්වන තෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීම වර්ජනය කරන බවට ගත් තීරණය හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීම නොපැවැත්වෙනු ඇත.
එම තේරීම් කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමටද නියමිතව තිබේ.
පසුගිය සිකුරාදා දිනයේදි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදි ජනපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ අතර එහි කටයුතු සිදුවන්නේ එම ආකාරයෙන් නම් නමන් ඉදිරියට කැබිනට් රැස්වීම් සඳහා එක්නොවන බව සඳහන් කළේය.

popular news
-
Daham Tuesday, 11 June 2019 01:14 PM
වරදක් නොකලානම් බියවීමට අවශ්‍ය නැත . ඕනෑකෙනුකුට ඕනෑ පරීක්ෂණයක් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ඇත .
Reply : 0 51
Dayan Tuesday, 11 June 2019 01:55 PM
ජනාධිපති කමත් අත්හිටුවිය යුත්තේය. මේවා හරියට ගමේ වට්ටි අම්මලාගේ රණ්ඩු වගෙඉ. අන්තිම පහලෛ. කතා කරලා බේරගන්න බැරි මිනිස්සු කොහොමද ආණ්ඩු කරන්නේ?
Reply : 0 47
shan Tuesday, 11 June 2019 05:33 PM
meka nikan "ada karyalaya wasa atha " kiyla bod eka dla pole yanwa wage wada. jameta wada puruddha lokuyi kiyanwane
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

