අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්රදේශවල ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, , ජා-ඇළ, කටාන සහ වත්තල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්රදේශවල වෙසෙන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කරයි.