අත්අඩගුංවට ගත් සහල් තොගය පාරිභෝජනයට සුදුසුයි
පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ සහල් මෝලේ පාරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කළ සහල් කිලෝ 85,000 නැවත එම සහල් මෝලට නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
පාරිභෝගික සේවා අධිකාරිය මගින් මෙම සහල් තොගය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් මෙම සහල් ප්‍රමාණය යළි එම ආයතනයට මුදා හරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා වැලිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂවරයාට පෙරේදා (16දා) දින නියෝග කළේය.
මෙම සහල් තොගය මෙලෙස මුදා හරිනු ලැබුවේ එම සමාගමෙන් අත්අඩංගුවට ගත් සහල් මහජන පරිභෝජනයට සුදුසු තත්ත්වයේ ඒවා බවට රස පරීක්ෂක වාර්තාවකින් අධිකරණයට තහවුරු කිරීමෙන් පසුවය.
-
සෙනෙවි Saturday, 18 January 2020 10:02 AM
රස පරීක්ෂක "ජරාවක" රස පරීක්ෂා කර ඔය තීරණය ගන්න ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

