අතපසු වු පාඩම් වලට හිලව් නෑ - අධ්‍යයන කටයුතු සමාන්‍ය පරිදි
2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් , ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.
රටේ පැවැති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා අතපසු වූ සති 02ක කාලය සඳහා හිලව් සැසි නොපවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.
2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් , ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.
සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවයක් මතු වුවද සාමාන්‍ය පරිදි කාල සටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රජාව දැනුවත් කර ඇත.

popular news
-
මුණසිංහ Friday, 10 May 2019 05:29 PM
කාටද මහත්තයා උගන්වන්ෙන? ගුරුවරු ෙගෙවල්වල ට ගිහින් ලමයි එක්කගෙන එන්න ද? ඉස්සෙල්ල රටට අාරක්ෂාව තහවුරු කරල විශ්වාස ය ෙගාඩ නගන්න.
Reply : 0 0
Champa Friday, 10 May 2019 06:12 PM
එහෙම කොහොමද කියන්නේ? සිද්ධ වුනේ පාසල් දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියන්වත් කම්පා කරන සිදුවීමක්. මිනිස්සුන්ට දැනිච්ච අනාරක්ෂිත බව වහල් ආණ්ඩුවට බලහත්කාරෙන් අඩු කරන්න බැහැ. වහල් ආණ්ඩුව බෝම්බ පිපිරීම දැනගෙන හිටියට රටේ අනිත් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මිනිස්සු මේ තරම් කම්පා වෙන්න හේතුව ඒක. අතපසු වෙච්ච පාඩම් නැවත දරුවන්ට කියල දෙන්න ඕනේ. පාසල් වලට උපදෙස් දෙන්න ඉස්සෙල්ල ළමා මනෝ විද්‍යාව ඉගෙන ගනිල්ලා.
Reply : 0 0
Koralage Saturday, 11 May 2019 07:18 AM
මේක තර්ජනයක් නම් එකට විරුද්දව මානව හිමිකම් නඩුවක් දමමු. ලක්ෂ ගණන් දෙමා පියෝ එකට කැමති වේවි. කරලා බලමු ඇමතිතුමෝ ......නිමෙන්ට ලංවුනාම පහන් දල්ලත් ටිකක් දඟලනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

