අගවිනිසුරු පුටුවට ශ්‍රීලනිප - එජාප සටනක්
මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ඊවා වනසුන්දර මහත්මියගේ නමත්, එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නමත් මෙසේ යෝජනා වී ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
කෙසේ වෙතත්, අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට නමක් නිර්දේශ කර යැවීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පවරා තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා ලබන සිකුරාදාට පෙර අගවිනිසුරු ධුරය සඳහා නමක් ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යැවීමට නියමිතය. දැනට අගවිනිසුරු ධුරය හොබවන ප්‍රියසාද් ඩෙප් මහතාගේ ධුරකාලය මේ මස 12 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය මේ වන විට අවසන් වී එය අක්‍රිය වී ඇති අතර, නව අගවිනිසුරුවරයා පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදාට පෙර රැස්විය යුතුව තිබේ. ව්‍යවස්ථා සභාව පත්කිරීම ලබන 11 වැනිදාට පෙර සිදු කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරනු ඇතැයි පැවසේ.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)
popular news
-
Champa Sunday, 07 October 2018 09:01 PM
න්නෑ...... ඇත්තට? ඒ කියන්නේ දෙන්නම පක්ෂග්රාහියි. එක්කෙනෙක් ශ්‍රීලංකාකාරයෙක්. අනිත් එක්කෙනා යූඑන්පීකාරයෙක්. Thank you කිව්වට හොඳද. මං නම් හිතුවේ ලංකාවේ අධිකරණය අපක්ෂපාති විනිශ්චයකාරයන්ගෙන් සමන්විත ඉතාම ස්වාධීන ආයතනයක් කියලා. ඊළඟ අග්රව්නිශ්චයකාරය විදිහට පත් කරන්න නම් කියවෙන දෙන්නම දේශපාලන පක්ෂ දෙකක ගැත්තෝ ඒ කියන්නේ. අම්මෝ හරිම භයානකයිනේ රට යන විදිහ. එකියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ ආණ්ඩුවේ වහල් ආයතනයක්. වෙනත් විදිහකට කියනව නම් රටේ උත්තරීතරම තනතුර විසින් අනාගතේ දෙන තීන්දු තීරණ කිසි දෙයක් අපක්ෂපාති වෙන්නේ නැහැ. ඇයි ඉතින් තමන්ව පත් කරපු මිනිහට දෙපැත්තේම කවුරු වුනත් ඒ මිනිහට ණය ගෙවන්න එපැයි. අම්මෝ ඉංගිරිස් ආණ්ඩුව කාලේවත් මෙහෙම වුනේ නැහැනේ. පැහැදිලිවම කියන්න තියෙන්නේ මේ දෙන්නම මේ තනතුරට සුදුසු නැහැ කියන එක. ඒ මොකොද කිව්වා නම් පත් කරන්න ඉස්සෙල්ලම තමන්ගේ තනතුර හෑල්ලු කරගෙන ඉවරයි. කඩෙත් යනවද දන්නේ නැහැ පත්වීම ගන්න නේද? ඊළඟ අග්‍ර ව්නිශ්චයකාර තනතුරට මේ දෙන්නම නැතුව වෙන කෙනෙක් පත් කරන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් දෙන්න්ම්ගේම නම කැත වෙලා ඉවරයි. "මාර" කියන වචනේ කියන්න හොඳ නැතිවුනත් මාරයිනේ මචන් නේද?
Reply : 0 0
sg Sunday, 07 October 2018 11:12 PM
වඩාත් සිදුසු වන්නේ ඊළගට ඉන්න වඩාත් ජේස්ට විනිසුරුවරිය හෝ විනිසුරුව්රයාය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
