අගරදගුරු කාදිනල් හිමිපාණන්ට අපහාස කළ පුද්ගලයා රිමාන්ඩ්
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහස වන ආකාරයෙන් බැණ වැදුණු විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා ඊයේ (21) නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි වජිර දිසානායක නැමති රූපලාවන්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කරන අයෙකි.
පසුගියදා සිදුවුණ බෝම්බ ප්‍රහාරයට පසුව කාදිනල් හිමිපාණන් කටයුතු කල ආකාරය විවේචනය කරමින් ඉතා පහත් ආකාරයෙන් බැණ වැදිම හා එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යයට එක්කර දිවයිනේ ප්‍රධානතම ආගමික නායකයෙක්ට අපහාසයක් කිරිම සම්බන්ධයෙන් කටුනේරිය ප්‍රදේශයේම අයෙක් මාරවිල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශනයක් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පැවසීය.
මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. පි. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
kapila Wednesday, 22 May 2019 04:10 PM
ජනාධිපති තුමාටයි අගමැති තුමාටයි බැනපු අය සිරගත කලොත් මුළු ලංකාවම හිරගෙයක් වනු ඇත
Reply : 1 36
සමීර Wednesday, 22 May 2019 05:59 PM
මෙවැනි අහිංසක අය අල්ලන්න නං පොලිසිය යයි. හැබැයි බෝම්බ ගහලා යනකං දන්නේ නෑ මොකුත්.
Reply : 2 41
rocky Wednesday, 22 May 2019 06:44 PM
කපිල ළමයෝ, ජනාධිපතිතුමා වත් අගමැතිතුමාවත් ආගමික නායකයන් නොවෙයි. මොන ආගමක වුනත් ආගමිකනායකයන්ට අපහාස කිරීම වරදක්. දේශ පාලකයන්ට අපහාස කිරීමේ කිසිම වරදක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. අනිත් අතින් අපි අපේ ජනාධිපති තුමාටත් අගමැති තුමාටත් අපහාස කරන්නේ නැතුව, ආයෙ වෙන කාට අපහාස කරන්නද? අපහාස අහන එක එතුමාලගේ විනෝදාන්සයක්!
Reply : 1 3
Champa Thursday, 23 May 2019 06:48 PM
බොහොම හොඳයි. දැන් ඔය නීතිය රටේ ඇමතිවරුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්ද? මේ රටේ බෞද්ධ හාමුදුරුවරු තරම් දිනපතා රජයේ නින්දා අපහස වලට ලක් වෙන වෙනත් කොට්ඨාශයක් නැහැ. මංගල කිව්වා ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියල. සිංහල බෞද්ධයන්ගේ අනන්‍යතාවයට වෛර කරන එක වහල් ආණ්ඩුවේ ජන්ම ලක්ෂණයක්. රට අනාගමික කරන්න හදපු සියලු පරයන්ට සිංහල ජනතාව පාඩමක් ඉගැන්විය යුතුයි. 2015 ඉදන් කියන්නේ බෞද්ධයෝ මේ ආණ්ඩුව boycott කරන්න ඕනේ.
Reply : 0 8
සෝමරත්න Sunday, 26 May 2019 01:39 PM
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉතාම නිර්භීත ලෙස ලංකා වාසීන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළා. එතුමාගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමය්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

