විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයා පරාජයට පත්වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු බලපෑමක් සිදුනොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සමහර පිරිස් ජනාධිපති තනතුරට බලපෑමක් එල්ල වන බවත් මේ අනුව තාවකාලික ජනාධිපති ලෙස කථානායක පත්කළ යුතු බවට විවිධ තර්ක මතුකරන බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
පවතින නීති සම්බන්ධයෙන් නිසි අධ්‍යයනකින් තොරව අදහස් දැක්වීම කනගාටුවට කරුණක් බවද පවසා සිටියේය.