අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද (07දා) දහවල් නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. ඔහු සමග මෙම සංචාරයකට 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිහය.
මෙම පිරිස ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
අග්රාමාත්යවරයා එළැඹෙන 11දා තෙක් ඉන්දියාවේ ගත කිරීමට නියමිතය.