අගමැතිවරයෙකුට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේදී පියවර 12ක් තිබෙනවා
අග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරන්නේ එම ක්‍රමවේදනය අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යේජනාව ඉදිරිපත් කළ යුතු බවයි.
- අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
- පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
- එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
- එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
- එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍රය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
- වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
- පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍රමුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
- මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
- එම දිනයේ න්‍යාය පත්‍රයට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
- එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
- අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍රකාශ කළ යුතුය.
- එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.
popular news
-
rocky Saturday, 17 November 2018 03:04 PM
පියවර 12 කුත් අඟල් ගානක් නැද්ද? ජනාධිපති තුමෝ, ඔබ හිතනවද මේ රටේ මිනිසුන්ව ඔය විදිහට රවටන්න පුළුවනි කියල. මුළු රටම දන්නවා,(පොහොට්ටුවෝ හොදින්ම දන්නවා, උන්ගේ උවමනාවත් එකයි) මොන පියවර අනුව විස්වාස භංගයක් ගෙනාවත් ඔබ ඒක පිලි ගන්නේ නැති බව.මේ කුමන්ත්රණයේ අරමුණ දාමරික බලය යොදවා ආණ්ඩු බලය අත් කර ගැනීමයි. නැත් නම් හෝටලයක කුස්සියේ ලිප්පිඩිකම් කරපු එකෙක් පාර්ලිමේන්තුව ඇතුලට රිංගලා මිරිස්කුඩු ගැහුවේ කොහොමද? අපි මේ භයානක නාඩගම දෙස බලා සිටිමු. ප්‍රතිඵල භයානක වීම ඒකාන්තය!
Reply : 0 2
චමින්ද Saturday, 17 November 2018 03:18 PM
දැන් කතානායකතුමා මෙගැන දන්නෙ නැති ද?
Reply : 1 1
Gamini Saturday, 17 November 2018 04:36 PM
මහත්යෝ මට කියන්න නීතයානුකුලව පත් කරපු අගමැති කෙනෙක් අස් කරන්න පියවර කීයක් තියෙනවද කියල. ඒ වගේම නීත්‍යනුකුල නොවන අගමැතිවරයෙකු පත් කරන්න පියවර කීයක් තියෙනවද? බොරු ශෝබන කතා අපිට එපා. අපි කොණ්ඩ බැඳපු චීන්නු නොවෙය්. නීතිය විනාස කරලා, අන්තිම පට්ට පල බොරු කියල, ජාත්‍යන්තරයේ ලංකාව අප්‍රසාදයට ලක් කරලා, අපේ අත්මගරුත්වය විනාස කරපු මේ ජනාධිපති ලෝකයේම ලොකුම විහිළුවක් බවට පත් වෙලා ඉවරය් කියල ඔය මාත්තයා දන්නේ නැතිව ඇති. අවංකව, හිතට එකඟව, නීත්‍යනුකුලව වැඩ කරන්න බැරි ඔබලා වැනි අයගෙන් මේ රට විනාස වෙලා ඉවරය්.
Reply : 0 323
Don Saturday, 17 November 2018 05:09 PM
ජනාධිපති කියපු විදියට තමයි දෙවෙනි වරට චන්දෙ තිව්වේ, අගමැතිගේ ක්‍රමය වෙනත් විදියක්ද? අනේ මුන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද ? පලයවූ ගෙදර.
Reply : 0 1
Don Saturday, 17 November 2018 07:15 PM
පාර්ලිමේන්තුව ඇතුලේ වැඩකරන හැටි කියාදෙන්න මෙයා මොන බුරුවෙක්ද? පස්ස ලේවකාල ලේකම් උනාම හිතන් ඉන්නේ සියලුදේ දන්නවා කියල
Reply : 0 1
Nishan Sunday, 18 November 2018 02:58 AM
ඔව් එක වෙන්න පුළුවන්. එත් මේ අගමැති පත් කරලා තියෙන්නේ නිත්‍යානුකුලව නෙවෙයිනේ. එක සුප්‍රීම් උසාවියත් අනුමත කළා. එතකොට ඕක වලංගු වෙන්නේ නෑ. අනික අයි ජනාධිපතිතුමා ඕක එක සැරේ නොකියා සරින් සැරේ කියන්නේ???
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

