අගමැතිට විරුද්ධව රීට් ආඥාවක් ඉල්ලූ පෙත්සම් විභාග කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම් විභාගයට ගැනිණ.
එහිදී සියලුම වගඋත්තරකුවන් වෙනුවෙන් නොතීසි නිකුත් කර නොමැති හෙයින් පෙත්සම නැවතත් සිකුරාදා හා එළැඹෙන සඳුදා දිනයේදී කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

popular news
-
Lion Monday, 26 November 2018 11:33 AM
නම්බුකාර විදියට පුටුවෙන් bahalagiyanam neda හොඳ
Reply : 1 22
Nimal Rajapakse Monday, 26 November 2018 01:32 PM
අය්යෝ සිරිසේන දැන් අය්යෝ මහින්ද වෙලා වගේ. අපරාදේ මේ මනුස්සයට කරපු දේ.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

