අකුරු කරන්නට නොහැකිව අඬන දරුවෝ
මේ වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිම සිදුවූ අද (16) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට රැස්වු මවුපියන් පිරිසක් දරුවන් ද ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වීය.
මෙම විරෝධතාව පාසල ඉදිරිපිට පැවති අතර පාසල් නිල ඇඳුම් ඇඳගත් දරුවන් 28ක් ද විරෝධතාකරුවන් අතර විය. පසුගිය 13 දා ද මවුපියන් සියයක් පමණ විරෝධතාවක් පවත්වමින් දරුවන් 70ක් ජනාධිපති විද්‍යාලයට ඇතුළත් කර නොගෙන ඈත පාසල් ලබාදී ඇති බව නිහඬ විරෝධතාවක් පවත්වමින් පැවසීය.
එහෙත් අද (16) පැවති විරෝධතාවට එක්ව සිටි පිරිස පැවසුවේ මේ වනවිට දරුවන් 32 දෙනෙකුට පාසලක් නැති බවයි. සෙසු අය වෙනත් පාසල්වලට ඇතුළත් කර ඇති බවද ඔවුහු පැවසුහ.
විරෝධතාව එළියේ පැවැත්වෙන අතරතුර 2020 පළමුවන ශ්‍රේණි ආරම්භ කිරිමේ උත්සවයට පාසලට තේරුණු දරුවන් පිළිගැනීමේ උත්සවය පාසල තුළ පැවැත්විනි. මවුපියන්ගේ විරෝධතාවට ඇහුන්කන්දීමට කිසිදු බලධාරියෙන් නොපැමිණි බවද විරෝධතාවට එක්ව සිටි පිරිස පැවසුහ. විසඳුමක් නොලැබුනොත් මාරාන්තික උපවාසයක් දක්වා මෙය කරගෙන යන බවද ඔවුහු පැවසුහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
