කුර හා මුඛ වසංගත රෝගය උතුරු මැද පළාතේ පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ගවයින්, ඌරන්, එළුවන් හා ප්‍රවාහනය කිරීම ඊයේ (15 දා) සිට වහාම නැවැත්වීමට, උතුරු මැද පළාත් කෘෂිකර්ම කෘෂි නිෂ්පාදන අලෙවි සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය ධීවර පරිසර හා පළාත් සභා කටයුතු අමාත්‍ය ආර්.එම්.පී.බි. රත්නායක මහතා පළාත් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය අධ්යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගව සම්පතට සහ කිරිගොවීන්ගේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති ඇමතිවරයා එම සතුන් මස් පිණිස මරා දැමීමද එම මස් අලෙවි කිරීම නැවත දන්වනතුරු නතර කිරීමටද උපදෙස් ලබාදී ඇත.