saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9597 hours ago

LATEST

නාවික හමුදාව කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළු‍බෝවිල ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ කරයි

calendar_today 2020 මාර් 24 - 18:26 remove_red_eye - 603  

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාව , ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු හා පුනානි කඳවුරු වල නිරෝධායනය වු 311 දෙනෙකු අද (24) දිනයේ මුදා හැරි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඉදිරි දින 20ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මේ වන විට රජය විසින් වැඩි අවධානයක් යොමු කොට ඇති කොළඹ ,කලුතර ,ගම්පහ යන දිස්ත්‍රික්ක වලට එම අවධානය යොමු කිරිමට විශේෂ හේතුව වන්නේ මෙරටින් වාර්තා වු රෝගින් 101 දෙනාගෙන් වැඩිම රෝගින් සිටින්නේ මෙම දිස්ත්‍රික්ක තුළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.

Read More

නව කොරෝනා රෝග ලක්ෂණයක් යමෙකුට වැළඳී ඇත්නම් ඊට බය වී සැඟව නොසිට වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගතහොත් දිවි බේරා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූ මත්තේගොඩ රණවිරු රෝහණ මාවතේ පදිංචි ජයන්ත රණසිංහ මහතා පැවසීය.

Read More

කෙරෝනා ‌රෝගය ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් දිවයිනේ රෝහලේ රැසක දිනපතා පවත්වන සායන නවතා ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

Read More

COVID-19 ආසාදිතයැයි සැක කළ සගයෙකු ජාතික රෝහලේ දී ලැබූ සැබෑ අත්දැකීම/ අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ප්‍රණාමය

Read More

ආසියාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ ලාඕසයෙන්ද කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

2019 ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුළු පැළඳි තායිලන්ත රූ රැජින සිරිතෝන් ලීරාම්වත් කොරෝනා මැඩලීමේ කටයුතු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වමින් සිටියි.

Read More

ධීවර කටයුතු හා ආහාර සඳහා මතස්‍ය ප්‍රවාහනය වෙනුවෙන් ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළදිත් අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

චීනයේ හුබෙයි පළාත තුළ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන තිබූ නීති හෙට සිට ලිහිල් කිරීමට චීනය සැලසුම් කර තිබේ.

Read More

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

Read More

කොරෝනා වෛරස ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන මුල්ලේරියාව, IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු ජලය රදවන බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිත අරමුදලින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.

Read More

කොරෝනා වයිරස් අර්බුදය තුළ සමාජ දුරස්ථභාවය තබ ගනිමින් මිනිසුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න වගකිව යුතු පාර්ශව විසින් උපදෙස් ලබාදී තිබියදී ඒවා නොසලකා හරින පුද්ගලයින් ’වගකීම් විරහිත සහ ආත්මාර්ථකාමී’ අය බවත්, ඔවුන් ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවත් ලෝක ෆෝමියුලා 1 ධාවන ශූර ලුවිස් හැමිල්ටන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටි. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ අහිමි වූ ජිවිත ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.

Read More

කොරෝනා වෛරස් තත්වයක් පැවතියද අසරණ හෘද රෝගින් ගැන සිතා ඊයේ (23) හා අද (24) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම් සිදුකොට ඇත.

Read More

බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළත් බස්නාහිර සිට සබරගමුවට ඇතුළ්වීමට අවසර ලැබෙන්නේ ඇඳිරිනීත අවසර පත්‍ර ලබාගත් වාහන වලට පමණක් බව වරකාපොළ පොලීසිය පවසයි.

Read More

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සදහා වෙන්කොට ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදැසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.

Read More

ඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි පානය නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .

Read More

අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.

Read More

මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇතත් එම ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇති ජනතාව ඉවත්ව යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.

Read More

වාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාවේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කරයි.

Read More

දින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.

Read More

කොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.