saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7212 hours ago

LATEST

ඇස්ට්‍රාසෙනෙකා තොගයක් මෙක්සිකෝවට යැවීම සඳහා එක්සත් ජනපදය සූදානම්ලු

calendar_today 2021 මාර් 19 - 08:35 remove_red_eye - 191  

ණය ගනුදෙනුවක් ලෙස ලැබෙන මෙම එන්නත්වලින් මෙක්සිකෝවට එන්නත මාත්‍රාව මිලියන 2.5ක් සහ කැනඩාවට මාත්‍රාව මිලියන 1.5ක් ලැබීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

මෙසේ අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක වුවත් පාසල්, අත්‍යවශ්‍ය වෙළෙඳසැල් සහ පොත් සාප්පු විවෘතව පවතින බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමනු ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් පිටතට ගමන් කිරීම සීමා කරන බවද අවධාරණය කළේය.

Read More

පාකිස්තාන ජනාධිපතිවරයා චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද ඊයේ (19දා) සීනෝෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව විද ගෙන තිබේ.

Read More

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, 2021 මාර්තු 15 වැනි දින නිකුත් කරන ලද එන්නත් කාණ්ඩ භාවිතය සම්බන්ධයෙන් පූර්වාරක්ෂාව මත එම එන්නත් ලබාදීම අත්හිටුවීම සඳහා හේතු තවදුරටත් නොපවතින බව ඉතාලියේ ඖෂධ නියාමකයා වන AIFA පවසා තිබේ.

Read More

කොරෝනා වෛරසය වසංගතය සැලකිය යුතු ලෙස යළිත් වේගවත් වන බවත්, එය තුන්වැනි රැල්ලක් බව වඩාත් ප්‍රකටව සහ පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් බවත් ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් අනතුරු අඟවයි.

Read More

දැනට වාර්තා වී ඇති මෙම සිදුවීම් ඉතා දුර්ලභ සිදුවීම් යැයි අවධාරණය කළ යුරෝපීය ඖෂධ ඒජන්සිය, එක්සත් රාජධානියේ සහ යුරෝපීය ආර්ථික කලාපයේ පරිපාලනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් මිලියන 20කින් සිද්ධීන් 30කටත් වඩා අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,713,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

එන්නත්කරණය අතරතුර තථ්‍ය කාලීන දත්ත සම්ප්‍රේෂණය කළ යුතු නිසා මෙම බස් රථය විශේෂයෙන් වයිෆයි සම්බන්ධතාවයකින් යුතු වන අතර, එය වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය සහතික කිරීම සඳහා 5G ජාලයට සම්බන්ධ කළ හැකි බව කියයි. ඒ නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය දුරස්ථව සිටියද ඩිජිටල් කළමනාකරණයකට ලක්වන අතර, සමස්ත ක්‍රියාවලියම වාර්තාගත වෙයි.

Read More

මෙම නව සීමා යටතේ නාට්‍ය ශාලා, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සිනමා ශාලා සෙනසුරාදා සිට වසා තබන බව සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සෙල්ස්කි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

එක්සත් රාජධානිය එන්නත ලබාදීම දිගටම සිදුකරගෙන ගිය අතර, ඇතැම් රටවල් මෙසේ එන්නත අත්හිටුවීම නිසා යුරෝපය තුළ යළිත් කොවිඩ්-19 හිස එසවීමේ අවදානමක් පිළිබඳවද අනතුරු ඇඟවී තිබේ.

Read More

කසකස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබුණේ ෆයිසර්, මොඩෙර්නා, සීනොවැක් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ලබාගැනීමට කටයුතු කරන බවයි.

Read More

කොමොරෝස් රජයේ ආරාධනයෙන් චීන රජය විසින් පිටත් කර හරින ලද 12 දෙනෙකුගෙන් යුතු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද වෛරසයට එරෙහිව සටන් කිරීමට දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදීම එම යානයෙන් පැමිණ සිටියහ.

Read More

’’අද දින සවස 6.00 ට පමණ මියගිය අපගේ නිර්භීත නායක ජනාධිපති ජෝන් පොම්බේ ජෝශප් මගුෆුලිගේ හදිසි අභාවය මා ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.’’ රජයේ ටැන්සානියා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ උප ජනාධිපතිවරයා නිවේදනය කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත්කරණය දිගටම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වෙත නිර්දේශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,128,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.

Read More

බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.

Read More

මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

Read More

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.

Read More

ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,670,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

යුරෝපීය ඖෂධ ඒජන්සියද පවසා සිටියේ රටවල් තම එන්නත්කරණය දිගටම කරගෙන යා යුතු බවය. එසේම, එලැඹෙන බ්‍රහස්පතින්දා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත නමුත් එන්නත් ලබාදීමේ ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බව යුරෝපීය ඖෂධ ඒජන්සිය අවධාරණය කළේය.

Read More

පාකිස්තාන ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ජනාධිපතිවරයා සහ ආර්යාව ලබාගත් බවයි.

Read More

මැලේසියාව සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස සීනොවැක් එන්නත යොදා ගනිමින් බ්‍රහස්පතින්දා සිට එන්නත්කරණය ආරම්භ කරන බව සඳහන් කරයි.

Read More

කොවිඩ්-19 වසංගතය අතරතුර එරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ සිව්වැන්නා බවට ඔහු පත්වන අතර, මෙම නව පත්කිරීම ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් ඊයේ (15දා) නිවේදනය කරන ලදී.

Read More

චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) විසින් නිපදවන ලද මෙම එන්නත වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන්ට ලබාදෙන බව මාලදිවයිනේ ආහාර හා ඖෂධ පරිපාලනය සඳහන් කරයි.

Read More

යුරෝපයේ නිෂ්පාදිත කාණ්ඩ දෙකකින් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමත් සමග රටවල් ගණනාවක් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්ධන එන්නත් භාවිතය අත්හිටුවීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් දක්වයි.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටවූ රටවල් අතරට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුමේනියාව, පෘතුගාලය සහ ජර්මනිය අලුතින්ම එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.