ස්ටීව් ජොබ්ස්ගේ විශිෂ්ට කියමන් 7ක්
- 22 03 2018
- 09:43
- {{hitsCtrl.values.hits}} views
- නඳුන් ශ්‍යාමාල්
සුප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් හෙට දවස අද දුටු ශ්‍රේෂ්ඨයෙකි. 1955 පෙරවාරි 24 දින සැන්ෆ්රැන්සිස්කෝහිදී උපත ලැබූ ඔහු 2011 ඔක්තෝමබර් 05 වැනිදා පිළිකා රෝගයකින් මිය යන විට ලෝකයට දායාද කළ දේ බොහෝය.
01. ඔබට ඇති කාලය සීමිතයි. ඒ නිසා නොවැදගත් දේ වෙනුවෙන් හා නොවැදගත් පුද්ගලයන් වෙනුවෙන් එම කාලය කිසිම විදිහකින් වැය කරන්න එපා.
02. ව්‍යාපාරයකදී ලබන සාර්ථකත්වයන් කණ්ඩායමක් විසින් ලබාගත් සාර්ථකත්වයන් මිස තනි පුද්ගලයෙකුට පමණක් කිසි විටෙක එහි සම්පූර්ණ ගෞරවය ලබාගත නොහැකියි.
03. ඔබේ අරමුණු සහ සිහින තවකෙකුගේ මතයක් නිසා බිඳ වට්ටවා ගන්න එපා.
04. ඔබ කළ යුතු දේ තීරණය කිරීම වගේම වැදගත් වෙනවා නොකළ යුතු දේ තීරණය කිරීම.
05. සැබෑ නායකයෙක් කියන්නේ තමන්ගේ යටතේ සිටින අය සිදුකිරීමට අකමැති දෙයක් කරවන පුද්ගලයෙක් නොවෙයි. තමන්ට කවදාවත් කරන්නට බැහැ කියලා වැටී ඉන්න මිනිසුන්ට ඒ දේවල් කරන්න පොළඹවන සහ දිරිගන්වන පුද්ගලයාටයි.
06. අතීතයේ කළ නොහැකි වූ දෙයක් වෙනුවෙන් අලුත් දෙයක් නිපදවනවාට වඩා අනාගතයට වැදගත් දෙයක් නිපදවන්න උත්සාහ කරන්න.
07. ඔබට කිසිම අමතර උපකාරකයකින් තොරව යමෙකුට දෙයක් තේරුම් කරන්න පුළුවන් ඔබට ඔබ කතා කරන දේ පිළිබඳ හොඳ අවබෝධයක් සහ දැනුමක් තිබෙනවා නම්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
