ශ්‍රී ලංකාවට ආවේණික ශාක පිළිබඳ කරුණු 07 ක්
01 ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මුළු සපුෂ්පික ශාක (මල් හටගන්නා ශාක) 3154 කි. ඉන් ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්පික ශාක 894 ක් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස ගත්කල මුළු සපුෂ්පික ශාක ප්‍රමාණයෙන් 28%කි.
02 මෙම ශාක බොහොමයක් පහතරට සහ කඳුකර තෙත් කලාපීය වනාන්තරවලට සීමාවීම සුවිශේෂී කරුණකි.
03 එයට හේතු වී ඇත්තේ එම වනාන්තර අනාදිමත් කාලයක සිට ආසියානු කලාපයට සුවිශේෂී වූ ස්වාභාවික පරිණාමීය ක්‍රියාවලීන්ට අනුකූලව විකාශනය වීමයි.
04 මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික ශාක අඩංගු වනාන්තරවල විද්‍යාත්මක වටිනාකම ඉතා ඉහළය.
05 එහෙත්, මෙම වනාන්තර නිරන්තර කැබලිකරණය (කුට්ටිකරණය) සහ හායනයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික ජීවීන් බොහෝමයක් තර්ජනයට ලක් වූ ජීවීන් ලෙසට හඳුන්වා දී ඇත.
06 ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මුළු සපුෂ්පික ශාක සංඛ්‍යාවෙන් 44% ක් පමණ මෙලෙස තර්ජනයට ලක්වූ ශාක ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් බහුතරයක් ආවේණික ශාක වේ.
07 ශ්‍රී ලංකාවේදී මීවන වර්ගයේ ශාක (මල් හට නොගන්නා, බීජාණුවලින් ව්‍යාප්ත වන ශාක) 336 ක් හමුවන අතර, ඉන් 49 ක් ආවේණික ශාක වේ. (පාසි, ඇල්ගී ශාකවල ශ්‍රී ලංකාවට ආවේණික ශාක ප්‍රමාණයක් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් මේ වනතෙක් සිදුව නොමැත) ඒ අනුව, මෙම සුවිශේෂී ශාක සම්පත තවදුරටත් හායනය වීම වළක්වා රැකගැනීම අප කාගේත් යුතුකම මෙන්ම වගකීමද වන්නේය.
තොරතුරු - මහාචාර්ය නිමල් ගුණතිලක මහතා (විශ්‍රාමික), උද්භිද විද්‍යා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
popular news
-
බිනුලි Saturday, 05 March 2022 05:35 AM
අපේ රටට ආවේණික ශාක
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

