පසුගිය වසරේ උද්ඝෝෂණ 1414න් 341ක්ම සයිටම් අර්බුදය නිසායි
පසුගිය වසරේ රට තුළ සිදුවූ උද්ඝෝෂණ 1414න් 341ක්ම සයිටම් අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඒවා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද උදෑසන වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත්, ඉදිරි දේශපාලනික වැඩපිළිවෙල පිළිබඳවත් අදහස් දැක්වීමේ ජාතික හෙළ උරුමය විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා, ජනතාව අපේක්ෂා කළ දූෂණ මර්ධනය සඳහා වන තීන්දු තීරණ ගැනීමේ මන්දගාමී ස්වභාවය, රාජ්‍ය සේවක පඩිනඩි පිළිබඳව තිබෙන ගැටළු, වසර දෙකක් තිස්සේ දිග්ගැසෙන සයිටම් ගැටළුව වැනි ඍජුව ජන ජීවිතය සහ රටේ සමාජ ආර්ථික තත්වයන් සමග ගැටෙන ගැටළු සඳහා කඩිනම් පිළිතුරක් රජය විසින් ලබාදිය යුතු කාලය එළඹ ඇති බවද, මේ සියළු ප්‍රශ්න ඉකුත් මැතිවරණයේ ප්රථිපයට බරපතල ලෙස බලපෑ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 2016 - 2017 පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ රට පුරා උද්ඝෝෂණ 1414 ක් සිදුව ඇති බවත් එයින් 341 ක්ම සයිටම් අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ උද්ඝෝෂණ බවත් ප්‍රකාශ කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


