Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ගෙවීගිය දශක දෙක තුළ අධික වැස්ස නිසා ඇති වූ ගංවතුර, ජල ගැලීම්වලින් සහ වියළි කාලගුණය නිසා සෑම වසරකදීම ලක්ෂ ගණනක් වූ ජනතාව පීඩාවට පත් වූහ. කඳු කඩාවැටීම නිසා පණපිටින් මිය යන්නට පවා ජනතාවට සිදු විය. වැස්ස, ජලගැලීම්, නියඟය ඇතිවන සෑම අවස්ථාවකදීම බොහෝ දෙනෙක් එය ස්වාභාවික විපත් ලෙස පෙන්වා දීමට කටයුතු කළහ.
එහෙත් සියුම් ලෙස ඒ පිළිබඳ සලකා බැලුවහොත් මෙම ව්‍යසනයන්ට ප්‍රධානම හේතු වී තිබෙන්නේ පරිසර සමතුලිතතාව බිඳ දැමීමය. ජලගැලීම් පාලනයට, නියඟය ඇතිවීම වැළැක්වීමට ගහකොළ ප්‍රධාන වශයෙන් කටයුතු කරනු ලබයි. එහෙත් ගෙවීගිය දශකය, දෙක සලකා බැලුවහොත් මේ රටේ වනාන්තර අක්කර දසදහස් ගණනින් විනාශ වී ගොස් තිබේ. වනාන්තර විනාශ වී යාම නිසා සුළු වර්ෂා තත්ත්වයකදී පවා ගංඟා, ඇලදොළ, වැව් ජලාශ රොන්මඩවලින් පිරී යන අතර, මේ නිසා ජලය ගබඩා කරන ස්ථානවල පවා නිසි ලෙස ජලය රැඳී පවතින්නේ නැත. මේ නිසා සුළු වර්ෂා තත්ත්වයකදී පවා ගංගා, ඇලදොළ, වැව් පිටාර ගලා ආපදා තත්ත්ව නිර්මාණය කරයි.
මීට අමතරව මාසයක්, දෙකක් වර්ෂාව නොලැබුණ හොත් සමස්ත ප්‍ර‘දේශය පුරා නියං තත්ත්වයක් නිර්මාණය වේ. මේ අනුව ගෙවීගිය දශකයක කාලය සලකා බැලීමේදී වසරේ යම් මාස කිහිපයක වැසි ජලය නිසා ඇතිවන ගංවතුර උවදුරුවලට හෝ වියළි කාලගුණ තත්ත්වය නිසා ඇතිවන නියං තත්ත්වයට මේ රටේ ජනතාවට මුහුණ දීමට සිදු වේ. අද දවස වන විට දිස්ත්‍රික්ක 11ක පවුල් 166,634කට අයත් පුද්ගලයෝ 560,530කට අධික පිරිසක් වියළි කාලගුණ තත්ත්වයකට මුහුණ දී සිටිති.
ජල හිඟය නිසා බීමට ජලය සොයා ගැනීමට සමහර ජනතාවට කිලෝමීටර් දෙක තුනක දුරක් ගමන් කිරීමට සිදුවී තිබේ. එවැනි දුරක් ගමන් කළද, ඔවුන්ට පිරිසුදු පානීය ජල පොදක් හෝ සොයා ගැනීමට නොහැකිව තිබේ. රටේ ජනතාවගේ ප්‍රධානම ආදායම් මාර්ග වී තිබෙන්නේ කෘෂිකර්මාන්තය හෝ ධීවර රැකියාවයි. එහෙත් පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නොමැති වී තිබෙන අතර, වැව් හා ජලාශ ආශ්‍රිතව ජල මට්ටම අඩු වී තිබෙන නිසා වියළි කාලගුණ තත්ත්වයක් පවතින ප්‍ර‘දේශවල ධීවර කර්මාන්තයද අඩපණ වෙමින් තිබේ.
කෘෂිකර්මාන්තය අඩපණ වීම යනු ඒ ආශ්‍රිතව කුලී වැඩ කරන ජනතාවගේ රැකියාව අහිමි වී යාමක් වන අතර, මීට අමතරව එළවළු, පලතුරු මිලදී ගෙන වෙනත් ප්‍ර‘දේශවලට යැවීමට කටයුතු කරන වෙළෙඳ ප්‍රජාවගෙත් මේ නිසා ආදායම් තත්ත්වය පහත වැටී ඇත.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වනසතුන්, ගවයන් හා සුරතලයට නිවෙස්වල ඇතිකරන සතුන් පවා පීඩාවට පත්ව තිබේ. වියළි කාලගුණ තත්ත්වය පවතින ප්‍ර‘දේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බවට සඳහන් කළත්, බොහෝ ප්‍ර‘දේශවල එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ජනතාව සඳහන් කරති.
වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 11ක ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 73ක ජනතාව පීඩාවට පත්ව සිටීමට අමතරව උමාඔය අවධිමත් සංවර්ධන ව්‍යාපෘතිය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 පවුල් 20,000කට අධික පිරිසක්ද පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටිති.
මොනරාගල ඇතුළු ප්‍ර‘දේශ ගණනාවකට ජලය ගෙන යෑම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල හරහා උමඟක් සකස් කිරීමට යාම නිසා මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ. උමඟ සකස් කිරීම නිසා බණ්ඩාරවෙල වැලිමඩ ඇතුළු ප්‍ර‘දේශ ගණනාවක ළිං සිඳී ගිය අතර, මීට අමතරව කුඩා ජල පහරවල හා කුඩා වැව් කිහිපයකද ජලය සිඳී ගියේය. මේ නිසා එම ප්‍ර‘දේශවල ගොවි ජනතාවට වගා කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබෙන අතර, පොළොව ගිලාබැසීම නිසා විශාල පිරිසකට උන්හිටි තැන්ද අහිමි වී ඇත.
මීට අමතරව ඌව, බින්තැන්නේ ඉඩම් අක්කර 62,500ක් උක් වගා කිරීමට බහුජාතික සමාගමකට පැවරීමට ආණ්ඩුව මේ වන විට කටයුතු සැලසුම් කර තිබේ. රටේ ජනතාව වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කරන බවට දේශපාලන වේදිකාවල ප්‍රකාශ නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මත මෙම කටයුත්ත සිදුවන බවට ප්‍රදේශවාසීහු සඳහන් කරති.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයට අයත් කැලෑ ඉඩම් සේම භූමිවල පාරම්පරිකව ජීවත් වන ජනතාවට අයත් ඉඩම්ද ලබා ගැනීමට සැලසුම් කර තිබේ. මේ අනුව දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත තවත් වසර දෙක තුනක් ගතවන විට අම්පාර, මහියංගනය, මොනරාගල, බදුල්ල, බණ්ඩාරවෙල හා ඒ අවට ප්‍ර‘දේශ කාන්තාර බවට පත්වීම වළක්වාගත නොහැකි වන කටයුත්තකි.
ඌව වෙල්ලස්සේ ඉතිහාසය සලකා බැලීමේදී වෙල් ලක්ෂයක් (කුඹුරු ඉඩම්) තිබූ බවට ජනප්රවාදයේ සඳහන් වන අතර, ඒවාට ජලය සැපයීමට කුඩා වැව් දසදහසකට අධික ප්‍රමාණයක්ද තිබී ඇත. එහෙත් ගෙවීගිය 70 වසරක කාලය තුළ මේ රට පාලනය කළ පාලකයන්ගේ වරදින් අද දවස වනවිටත් ඌව වෙල්ලස්සේ ජනතාව හිඟා නොකා හිඟා කන තත්ත්වයකට පත්ව තිබේ.
ජනතාවගේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු නොකළද බහුජාතික සමාගම්වලට පලතුරු වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මේ රටේ දේශපාලනඥයන් කටයුතු කර ඇත. මීට අමතරව බහුජාතික සමාගම්වලට උක් වගා කිරීමට කැලෑ ටික කපා ඉඩම් ටික පැවරීමට පවා රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ දේශපාලනඥයෝ පෙරමුණ ගෙන සිටිති.
ජනතාවගේ වටිනා ඡන්දය භාවිත කර පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවලට, පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවන්නේ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට හා රටේ දියුණුව සඳහාය. එහෙත් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් සේවය කළ යුතු ආයතන තුනම බඩගෝස්තරවාදී දේශපාලනඥයන්ට ධනය උපයා දෙන ආයතන බවට පත්ව තිබේ.
මේ නිසා රටේ ජනතාව වියළි කාලගුණ තත්ත්වයකට මුහුණදී පීඩාවින්දද ඔවුන්ට ගාණක් නැත. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වුවත් අතීතයේ සිටම මේ රටට අධික වර්ෂාවක් ඇති වී තිබෙන්නේ වසරේ මාස කිහිපයකට පමණි. මේ නිසා නොදියුණු යැයි සම්මත කාලයේදී පවා මේ රට තුළ එල්ලංගා ආකාරයට වැව් සකස් කර රට සශ්‍රීක රටක් බවට පත් කර තිබේ. ආසන්න වශයෙන් අතීතයේදී මේ රට තුළ වැව් 32,000කට අධික ප්‍රමාණයක් තිබී ඇත. වෙල් වැව් පද්ධතිය යනුවෙන්ද හඳුන්වන එල්ලංගා වැව් පද්ධතිය අපේ රටට පමණක් උරුම වූ තාක්ෂණික ක්රමයකි. මෙම ක්‍රමය හරහා එක් ප්‍ර‘දේශයකට අධික ලෙස වර්ෂාව ඇතිවුවද, එම ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී නැත. එයට හේතු වී තිබෙන්නේ එක් වැවක ජල මට්ටම ඉහළ යන විට ඇළ මාර්ගයකින් පහළට ජලය ගලාගෙන ගොස් පහළ වැව් පිරීමය.
මේ නිසා වියළි කාලගුණයක් පවතින ප්‍ර‘දේශවල ජනතාවට අවශ්‍ය ජලය තම වැවෙන්, අමුණෙන්, ඇළෙන් ලබා ගැනීමට හැකි විය.
වැව් පද්ධතිය රොන්මඩවලින් ආරක්ෂා කිරීමට සෑම වැවක් ඉහළ පරිසර පද්ධතියකින් ස්ථාපිත කිරීමට අතීතයේ සිටි මිනිසුන් කටයුතු කර තිබේ. මීට අමතරව සෑම වැවකම ගොඩ සොරොව්ව, මඩ සොරොව්ව හා සොරොව්ව යන නමින් දොරටු තුනක්ද නිර්මාණය කර ඇත. මෙහිදී සොරොව්ව මගින් ප්‍රධාන ඇළට ජලය මුදාහරින අතර, ගොඩ සොරොව්ව ජලය බෙදා හැරීම සඳහා වැව් බැම්මේ ඉහළින් සකස් කර තිබේ. ජල මට්ටම අඩු වූ විට ජලය බෙදා හැරීම සඳහා සහ රොන්මඩ ඉවත් කිරීමට මඩ සොරොව්ව නිර්මාණය කර තිබිණි.
එහෙත් අද දවස වන විට මේ ආකාරයට සකස් කළ වැව් දහස් ගණනක් විනාශ වී ගොස් තිබෙන අතර, තවත් වැව් දහස් ගණනක් රොන්මඩවලින් පිරී පැවැතීම හා වැව් බැම්ම කැඩී බිඳී යෑම නිසා ජලය ගබඩා කර තැබීමට නොහැකිව ඇත. ජනතාව වෙනුවෙන් වැඩකටයුතු කිරීමට පාර්ලිමේන්තුවට, පළාත් සභාවට යන කිසිදු නියෝජිතයෙකුට මේවා පිළිසකර කිරීමට උනන්දුවක් නැත. යම් ලෙසකින් වැවක රොන්මඩ ඉවත් කිරීමට ප්‍රතිපාදන වෙන්කර ගත්තද, මෙතෙක් සිදු කළ ක්‍රියාව වූයේ වැව හාරා පස් ටික ලබා ගැනීම හෝ වැලි ටික හාරා ලබා ගැනීමේ ජාවාරමයි. මේ හරහා සිදු වූයේ වැවේ ජලය රැඳීම තවතවත් දුර්වල කිරීමය.
මීට අමතරව පරාක්‍රමබාහු රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා වැනි මහා වැව් කළ රජවරුන්ගේ තත්ත්වයට පත්වීමටත් මෙරට දේශපාලනඥයෝ මහාපරිමාණ ජලාශ, වැව් ඉදි කිරීමට උත්සාහ ගනිමින් සිටිති. එහෙත් අතීතයේදී මහා වැව් සකස් කළේ කුඩා වැව් සකස් කිරීමෙන් පසුවය.
මේ නිසා ගොවි ජනතාවට අවශ්‍ය ජලය තම ගම් තුළදීම ලැබිණි. අතීතයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය, සංස්කෘතික දියුණුව ඇති වූයේ ගමට වැවක් සංකල්පය ක්‍රියාත්මක වීම නිසාය. ගමට වැවක් තිබීම නිසා අවට ප්‍ර‘දේශවල භූගත ජලයද සුරක්ෂිත වී තිබෙන අතර, මේ නිසා එම ගම්මාන වියළි තත්ත්වයටද පත්ව නැත.
එහෙත් අද කරමින් තිබෙන්නේ අතීතයේ නිර්මාණය වූ ජල පහරවල් හරස් කර මහා පරිමාණ වැව් ජලාශ සකස් කර බොහෝ ප්‍රදේශ වියළි තත්ත්වයන්ට පත්කිරීමය. මීට අමතරව වැව් ජලාශ ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමේදී ඉඩම්වල ජීවත් වූ ජනතාව අනාථයන් බවට පත්වීමය. මේ නිසා කළ යුත්තේ ගමට වැවක් සංකල්පය යළි ක්‍රියාත්මක කර අබලන් වී තිබෙන හා කැලෑවලට යට වී තිබෙන වැව් අමුණු සකස් කිරීමය. එහෙත් මහා පරාක්‍රමබාහුලා වීමට සිහින මවන දේශපාලනඥයන්ට එවැනි සැලැස්මක් තිබෙන ආකාරයක් හෝ දක්නට නැත.
අඩුම තරමින් වියළි කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ජන ජීවිතය නගාසිටුවීමට හෝ මෙරට දේශපාලනඥයන්ට අවශ්‍ය නැත. මන්දයත් පසුගිය වසරේ ඇති වූ වියළි කාලගුණ තත්ත්වය නිසා වගා හානි සිදුවූ හා වගා කිරීමට නොහැකිවූ ගොවීන්ට රුපියල් හතළිස්දහසක සහනාධාරයක් ලබාදෙන බවට පාලකයෝ පොරොන්දු වූහ.
මේ අනුව ගොවි පවුල් ලක්ෂයකට අධික ප්‍රමාණයකට වන්දි මුදල් ලබා දීමට සැලසුම් කළ අතර, මාසයකට රුපියල් දසදහස බැගින් මාස 04ක් තුළ රුපියල් රු.40,000ක මුදල් ලබාදීමට නියමිතව තිබිණි. එහෙත් අදටද එම වන්දි මුදලින් රුපියල් දසදහයේ වාරිකයක් පවා ලබාදී තිබෙන්නේ ගොවි පවුල් දසදහසකට ආසන්න ප්‍රමාණයක් බවද ගොවි සංවිධාන සඳහන් කරයි. මේ නිසා අද දවසේ වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුභසාධනය ගැන කතා කිරීම හෝ වැඩක් නැත. පසුගිය ආණ්ඩුව සේම වර්තමාන ආණ්ඩුවේද ප්‍රධානියාද ගොවි පවුලකින් පැවැත එන බව ඔවුන් විසින්ම සඳහන් කරනු ලබයි.
මීට අමතරව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සැලකිය යුතු පිරිසක් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන අතිබහුතරයක් ග්‍රාමීය ප්‍ර‘දේශවලින් පැමිණි පිරිස්ය. එහෙත් ඔවුන් තමන්ගේ බඩවියත ගැන සිතුවද මෙරට අහිංසක ජනතාවගේ බඩගැන සිතන්නේ නැත. පාලකයන් ඇතුළු දේශපාලනඥයන් රටේ ජනතාවගේ බදු මුදල්වලින් කා බී සතුටු වුණද, ගමට වැවක් හදා දෙන්නට හෝ තිබෙන වැව ප්‍රතිසංස්කරණය කර දෙන්නට සිහිනයක් හෝ දකිනවා දැයි සිතාගත නොහැකිය.
අවාසනාවට දුක්පීඩා වින්දද, මෙරට ජනතාව මැතිවරණවලදී බලයට පත්කරන්නේද ජනතාවට සේවය නොකරන පිරිස්ය.
මේ හේතුව නිසා පාලකයන් බලයට පත්කළ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 30,408කට අයත් පුද්ගලයෝ 110,156ක් වියළි කාලගුණයෙන්
පීඩා විඳිති.
මීට අමතරව වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 2014කට අයත් පුද්ගලයින් 7,389ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 33,185කට අයත් 109,794ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 29,421කට අයත් 102,163ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 5,737කට අයත් පුද්ගලයන් 18,059ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 7,475කට අයත් පුද්ගලයන් 21,729ක් හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 4,238කට අයත් පුද්ගලයන් 15,560ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව තිබේ.
එමෙන්ම අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පවුල් 11,136කට අයත් පුද්ගලයන් 36,818ක් පීඩාවට පත්ව ඇත.
මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු ජනාධිපතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය වන අතර, අනුරාධපුරය දිස්ත්‍රික්කය වර්තමාන ආපදා කළමනාකරණ හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍යවරයා නියෝජනය කරයි.
මීට අමතරව වියළි කාලගුණ තත්ත්වය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 6,251කට අයත් පුද්ගලයින් 20,343ක් පීඩාවට පත්ව තිබෙන අතර, ඌව බින්තැන්න උක් වගාව වෙනුවෙන් විශාල භූමි ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට නියමිතව තිබේ. මෙහිදී විශාල ශාක ප්‍රමාණයක් ඉවත් වී යන අතර, ඒ හරහා ද තවත් විශාල පිරිසක් උපන් භූමියේදීම අනාථයන් වනු ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 32,410කට අයත් පුද්ගලයන් 105,680ක් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 4,101කට අයත් පුද්ගලයන් 11,675ක්ද පීඩාවට පත්ව තිබේ.
මෙතරම් පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටියද, ඒ පිළිබඳ දේශපාලනඥයෝ වචනයක් හෝ කතා නොකරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd