ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
මෙහිදී ප්‍රධානම සංකල්පය නම් සිරස් සහ තිරස් අවකාශය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉහළ ඝනත්වයක් සහිතව ශාක වර්ධනය කර ගැනීමයි. එසේම පසේ තත්ත්වය වැඩිදියුණු වන ආකාරයට පාරිසරික සාධක ඉතාමත් සුළු වශයෙන් වෙනස් කිරීමද මෙහිදී සිදු කරයි.
නව වනාන්තරයක් ඇතිකිරීමට කිසියම් ප්‍රදේශයක් හෝ ගෙවත්තක් තෝරා ගැනීමෙන් පසුව පළමුව සිදු කළ යුතු වන්නේ අදාළ ස්ථානයේ පසෙහි තත්ත්වය පරීක්ෂා කිරීමයි. ජලය හොඳින් වහනය නොවන පසක් පවතී නම් පළමුව පසේ තත්ත්වය වැඩිදියුණු කළ යුතුය. පසේ මැටි ගතිය වැඩිනම් පසෙහි සවිවර ස්වභාවය අඩුවන අතර ජලය වහනයවීමේ හැකියාව අඩුය. එවැනි අවස්ථාවක කොළරොඩු ආදී ද්‍රව්‍ය යොදා හොඳින් මිශ්‍රකිරීම මගින් එම තත්ත්වය පහකරගත හැකිය. පසේ ජලය රඳවා ගැනීමේ හැකියාවද ඉතාමත් වැදගත්ය. ඔබේ ගෙවත්තේ පසේ ජලය නොරැඳෙන බව පෙනෙන්නේ නම් පීට් වැනි ජලය රඳවා ගැනීමට දායක වන ද්‍රව්‍යයක් පසට එක් කළ යුතුය. මෙහිදී පස අඩියක් දෙකක් යටට හාරා මිශ්‍ර කිරීමට හැකිනම් වඩාත් ඵලදායකය. මීළඟට ඇති ගැටලුව නම් වේගවත් වර්ධනයක් සඳහා අවශ්‍ය පෝෂක තත්ත්වය වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා පොහොර හෝ වෙනත් ද්‍රව්‍යයක් යෙදීම සාමාන්‍ය කෘෂිකාර්මික ක්‍රමයයි. ඒ වෙනුවට මෙම ක්‍රමයේදී සිදුකරන්නේ පසෙහි තත්ත්වය වැඩිදියුණු කිරීමට අදාළ ක්ෂූද්‍ර ජීවීන් අදාළ ස්ථානයට හඳුන්වා දීමයි. ඒ සඳහා හොඳම ක්‍රමය නම් හොඳින් වාතනය කරමින් පවත්වා ගත් කොම්පෝස්ට් පොහොර පසට එක්කිරීමයි. එම කොම්පෝස්ට්වල පසෙහි පෝෂක ප්‍රමාණය වැඩිදියුණු කිරීමේ හැකියාව සහිත ක්ෂුද්‍ර ජීවීහු අඩංගු වෙති.
පසුව සිදුකළයුත්තේ වගාකරන පැළ වර්ග සහ ප්‍රමාණ හඳුනා ගැනීමයි. ප්‍රදේශය තුළ පවත්නා ස්වභාවික වනාන්තර තුළ පවතින ශාක වර්ග නිරීක්ෂණය කිරීමෙන් සුදුසු පැළ වර්ග තීරණය කළ හැකිය. පළමුව මෙම පැළ වර්ග අතරින් නෙරු ස්ථරය, වියන් ස්ථරය, උපවියන් ස්ථරය, යටි වියන් ස්ථරය, පඳුරු ස්ථරය තුළ හමුවන ශාක වෙන් කරගත යුතුය. ඒ අනුව මේ එක් එක් ශාක වර්ගවලින් සිටුවිය යුතු ප්‍රමාණය තීරණය කළ යුතුය. නෙරු ස්ථරයේ ශාක ඉතාමත් ඈතින් අඩු ප්‍රමාණයක් සිටුවිය යුතු අතර, ඒ අතරින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වියන් ස්ථරයේ ශාක සිටුවිය යුතුය. පසුව ඒ ශාක මධ්‍යයෙන් උපවියන් ස්ථරයේ ශාක සිටුවිය යුතු අතර මෙම ශාක සංඛ්‍යාව වියන් ස්ථරයේ ශාකවලට වඩා වැඩි විය යුතුය. අනතුරුව මෙම ශාකවලටත් අතරින් පතර හැකි උපරිම ප්‍රමාණයක් පඳුරු ශාක සිටුවිය යුතුය. ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැළ තවාන් පැළ ලබා ගැනීමට හැකියාව ඇති අතර එසේ නොහැකි අවස්ථාවන්වලදී බීජ සොයාගෙන පැළ සාදාගැනීම සිදුකළ හැකිය. පැළ සිටුවීමෙන් අනතුරුව දහයියා හෝ පිදුරු වැනි ද්‍රව්‍යයන්ගෙන් පැළවල මුල් ආවරණය කිරීම මගින් පසේ තෙතමනය පවත්වා ගැනීමට හැකියාව ලැබේ. වසර තුනක කාලයක් පමණ යනතුරු ජලය යොදමින් සහ වල් පැළ ඉවත් කරමින් පැළ රැකබලා ගැනීම අවශ්‍ය නමුත් වෙනත් කිසිදු ආකාරයක මැදිහත් වීමක් අවශ්‍ය නැත. ආචාර්ය අකිරා මියවාකි පවසන ආකාරයට මෙම තත්ත්වයට පත්වූ පසු වනාන්තරයට ලබා දිය හැකි හොඳම කළමනාකරණය නම් කළමනාකරණය නොකර ස්වභාවිකව වර්ධනය වීමට හැරීමයි.
මෙම ක්‍රමය ජපානය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර ලොව පුරා වනාන්තර 800 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට බිහිකර ඇත. දිනෙන් දින පහළ යන වන ගහණය යථා තත්ත්වයට පත්කර ගැනීමට මෙම ක්‍රමය අපේ රටට ඉතාමත් ප්‍රයෝජනවත් ක්රමයකි. එසේම ඉතා සුළු වෑයමකින් අපගේ ගෙවත්ත තුළද ජෛව විවිධත්වයෙන් අධික පරිසරයක් නිර්මාණය කරගැනීමට හැකියාව පවතී. මේ පිළිබඳ ඔබට තවදුරටත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අප සමග සම්බන්ධ විය හැකි අතර මෙවැනි වන වගාවක් ඔබේ ගෙවත්තේත් ඇති කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම මෙන්ම ශ්‍රමයෙන් සහ පැළ ලබාදීම මගින්ද දායකත්වය ලබාදීමටද අපි සූදානමින් සිටින්නෙමු.
තාරක විජේරත්න පරිසරය සහ සංධිපාදිකයන් සුරැකීමේ සංගමය 076 8790594
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd