Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
සංහිඳියාව යන්න එදාමෙදාතුර තවත් අපූර්ව සංවාදයක් සඳහා මතවාදයන් රැසක් නිර්මාණය කළ වචනයක් බවට පත්ව තිබේ. යුද සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේද ජනමාධ්‍යකරුවන්ට එල්ල වූ මගපෙන්වීම් අතර ජාතික සංහිඳියාව වෙනුවෙන් මාධ්‍යකරණයට ඇති වගකීම ප්‍රබල වගකීමක් ලෙස අවධාරණය කෙරිණි.
එහිලා සංහිඳියාව වෙනුවෙන් ජනමාධ්‍යකරුවාගේ වගකීම කුමක්ද^ මැයෙන් මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් තෝරාගත් මාධ්‍යකරුවන් සඳහා පසුගිය සතියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතාගේ දේශනය ඇසුරෙන් මෙම ලිපිය සම්පාදනය විය.
“ අපේ භාෂාව හෝ සංස්කෘතිය එහෙමත් නැතිනම් සදාචාරය තුළ අපේ දේ අනෙක් දේට වඩා සාධනීය බව අප විශ්වාස කරනවා. අප සාමාන්‍ය වශයෙන් ප්‍රවේශයක් ලෙස ලිබරල් ප්රජාතන්ත්රවාදය ගනිමු. අපි සියලු දෙනාම එකයි. එක හා සමානයි. සමානව කටයුතු කරමුයි කියනවා. ඒත් ඒක අර්ධ සත්‍යයක් පමණයි. වරක් මහාචාර්ය යෝගරාජා පවසා තිබෙනවා %අතීතය ගැන කතා නොකර. හාරා අවුස්සන්නේ නැතිව අප ඉදිරි කටයුතු කරමු^ කියලා. %ස්වෛරීභාවය රැක ගනිමු^යි කියලා. %පෙර සිදුවූ දේ ගැන ප්‍රශ්න එපා^ කියලා. නමුත් මම කියන්නේ මේ පදනම මත අපට ගැටුම් නිරාකරණය කළ නොහැකියි.
අතීතය වේදනාකාරී වුවත් එය කතා කළ යුතුයි. නැති වුණොත් අපට සිදුවන්නේ එසේ එම ගැටලුවට විසඳුම් සොයමින් සිටීම පමණයි. අතීතය මැරී නැහැ. ඇත්තටම අතීතයක් කියලා දෙයක් නැහැ. අතීතයක් තියෙන ජනකොටස් ඒ අතීතයේම වර්තමානයේදීත් ජීවත් වෙන බව අමතක කරන්න හොඳ නැහැ.
හිට්ලර්ගේ මාධ්‍ය උපදේශකවරයා වූ හර්මන් ගෝරිංගෙන් %නියුරම්බර්ග්^ නඩුවේදී මිනිසුන් යුද්ධයට පෙළඹෙන්නේ ඇයි දැයි ඇසුවා.
සාමාන්‍ය මිනිසුන්ට යුද්ධය අවශ්‍ය නැහැ. හැබැයි නායකයන් තමයි ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ. නමුත් මිනිසුන් යුද්ධයට ඈඳා ගන්නවා. එය එක් සූත්ත්රයක්. මේ මිනිසුන්ට තර්ජනය කරලා කියනවා සියලුම දේශප්‍රේමීන් තමන්ගේ රට බේරාගන්න එකතු වෙන්න ඕනෑ. එසේ නොකරන අනෙක් අය දේශද්‍රෝහීන් කියනවා. එය සාධනීය නොවුණද ජනතාව අකැමැත්තෙන් හෝ එය පිළිගන්නවා. ඒ බියට^ යනුවෙන් එහිදී ඔහු පිළිතුරු දුන්නා.
ඒ අනුව අප කාටහරි දොස් කීමට අවශ්‍ය විට ඔහු දේශද්‍රෝහියෙක් යැයි චෝදනා කරනවා. මෙහි මූලික අයිතිවාසිකම් පැත්තක් තියෙනවා. අනන්‍යතාව සහ ආත්ම ගරුත්වයත් එහි තිබෙනවා.
මට යුද්ධයෙන් පසු උතුරේදී එක් කාන්තාවක් හමුවුණා. ඇයගේ හිසේ ඉවත් නොකළ බෝම්බ කැබැල්ලක්ද තියෙනවා. අප සමග කතා කරන විට ඇය කීවේ මෙහෙම දෙයක්.
%මම ඔයා සමග කතා කරන්නේ කොහොමද? මට ප්‍රශ්නයක් තිබෙනවා. සමානතාව යන කරුණ මත මම කතා කරන්නේ කොහොමදැයි මට ප්‍රශ්නයක් තියෙනවා^ යැයි ඇය පැවසුවා.
අසාධාරණයට පත්වූ කාටත් ජාතිආගම් භේදයෙන් තොරව එවැනි ප්‍රශ්න තිබෙනවා. අන්න එහෙම විමසනවිට මේ වගකීම එතරම්ම දුෂ්කරයි.
සංහිඳියාව කියන්නේ ගැඹුරු දෙයක්. අප යමක් ලියනවිට එය තවත් පිරිසකට හානියක් නොවිය යුතුයි. එසේම සනාථ කළ නොහැකි දේ, හෝ සාක්ෂි නොමැති දේ ලිපියකට ගතයුතු නැහැ. ඒවා තවත් පැත්තකින් ශාස්ත්‍රීය ලිපි නෙවෙයි. මේ වැටහීම මාධ්‍යවේදීන්ට තිබිය යුතුයි. එවිටයි ලිපියකට වටිනාකමක් ලැබෙන්නේ.
සිංහල සහ දෙමළ භාෂාවන් ඉතා සමීපයි. නමුත් මෙවා සංකීර්ණයි. මේවායේ ඇති සංකීර්ණත්වයට ගරු කරමින් අපේ වාර්ගිකත්වය, විශේෂත්වයන් ගැන අප අවධානය යොමු කළ යුතුයි.
ගැටුම් පරිවර්තනය යනුවෙන් පවසන්නේ කුමක්ද කියා ඔබට ප්‍රශ්නයක් ඇති. ගැටුම් අරගල ස්වාභාවිකයි. ඒවා හැමවිටම හානිදායක නොවෙයි. ගැටුමක් ඇති කිරීමට යම් මට්ටමකින් හෝ පූර්ව බලසතුවීමක් අවශ්‍යයි.
බොහෝවිට ගැටුමක් ඇතිවීමට හේතුවන්නේ අයිතිවාසිකම් බුක්ති විඳිමේ මූලික කොන්දේසියක් වශයෙන්. ගැටුමක් නිරාකරණය කිරීම යනු යමක් සැඟවීමයි. ගැටුමක් පරිවර්තනය කිරීම යනු එය හදාරා අවශ්‍ය විසඳුම් සෙවීමයි. එහිදී මේ නිරාකරණය සහ පරිවර්තනය කිරීම පිළිබඳ මැනවින් තේරුම් ගත යුතුයි. එයින් කළ යුත්තේ සැඟවීම නොව විසඳුම් ලබාදෙන තැනට යෑමයි. ඒනිසා එහිදී විය යුත්තේ පරිවර්තනය වීමයි. මාධ්‍යකරුවාගේ වගකීම විය යුත්තේ ඒ පරිවර්තනයට අවශ්‍ය පරිදි වාර්තාකරණයයි.
අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ගැටුමක් අත්‍යවශ්‍ය දෙයක්. ගැටුමකින් තොරව අයිතිවාසිකම් දිනාගත නොහැකියි. දීර්ඝකාලීන ගැටුම් හේතු කොටගෙන සමාජය කම්පනයට පත්වෙනවා. එහි ප්‍රතිඵලය පුද්ගලයන් තුළින් පමණක් දැක්විය නොහැකියි. එහි සැඟවුණු ප්‍රතිඵලයක් ලෙස පුළුල් සංස්කෘතික වියෝ වීමක් සහ සාමූහික ක්ෂතියක් ඇතිවෙනවා. මේ නිසා එම සංස්කෘතියට සහජ ඔරොත්තු දීමේ සහ නැවුම් වීමේ හැකියාව අහිමිවනු ඇති.
අරගල නැවත මත නොවන්නට නම් විසඳුම් සෙවිය යුතුයි. එයට හේතු සොයාගත යුතුයි. 71 කැරුල්ලට පසු 89 කැරැල්ල ඇතිවන්නේ ඒ නිසයි. සිංහල, මුස්ලිම්, දෙමළ, සමාජ එක සමානව අවුරුදු 30ක කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්වූ බව අමතක නොකළ යුතුයි. ඒ නිසාම එම සමාජය මානසික රෝගීන් බවට පත්ව තිබෙනවා. එහිදී සිදුව ඇත්තේ සමාජයේ ඉතා වටිනා කොටස් සහ ගුණාංග සැකය නිසා කඩා වැටීමයි. මෙය පුළුල් සංස්කෘතික වියෝ වීමක් බවට පත්වෙලා යැයි මට හිතෙනවා. සමාජයේ මහා සාධනීය දේ හීනවෙලා. අප සාමූහික ක්ෂතියක් බවට පත්වෙලා. මෙය පොදු දෙයක්. අද අපේ සමාජයේත් මෙවැනි කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවෙලා.
ඒ සමාජ දෙක අතර පැවැති දෛනික සහජීවනයන් අක්‍රීය වීම ජනවාර්ගික ගැටුම් තුළ සිදුවන ප්‍රධාන දෙයක් තමයි. මෙය බිඳුනාම හදන්න ඉතා අමාරුයි. එය හරියට මකුළු දැලක් වගේ. ජනමාධ්‍යවේදීන් ලෙස මේ මකුළු දැල නැවත හදන්නේ කොහොමද කියන ප්රශ්නය තියෙනවා. ඔවුන් එයට දායක විය යුතුයි.
අපේ සංස්කෘතිය ශක්තිමත්ව තිබෙනවිට අර්බුද ප්‍රශ්නයක් වන්නේ නැහ. පළුදුවුවත් දවසෙන් දෙකෙන් නිරවුල් වෙනවා. ඒ අර ශක්තිමත් බව නිසා. නමුත් දැන් අපේ සංස්කෘතිය පළුදුවෙලා. සමහරවිට අද මාගේ මෙම ප්‍රකාශය සමග ඔබ මා කෙරෙහි අමනාපවනු ඇති බව මට සහතිකයි. ඒ වුණත් එහිලා ඔබගේ වගකීමට ඇති අනුබලයක් ලෙස මා එය ඉදිරිපත් කරන්නම්. වැඩිදෙනා මා සමග එකඟ නොවුණත් අමනාප වුවත් මා ඒවා පෙන්වා දෙන්නම්. මට කීමට මෙන්ම ඔබට ප්‍රශ්න කිරීමටත් අයිතියක් තිබෙනවා. ඒ ඔබ ජනමාධ්‍යකරුවන් වන හෙයින්.
අප කුමක් කළ යුතුද? පල්ලිය පන්සල කෝවිලට පමණක් මේවා විසඳිය නොහැකියි. සමානතාව මත පදනම් වන කතිකාවතක් හෝ විශ්වාසයන් හෝ පිළිගැනීම මත ස්ථාපනයවන කතිකාවත සංහිඳියාව යනුවෙන් හැඳින්වෙනවා.
මෙය අපේ බව පිළිබඳ ප්‍රශ්නයක්. මෙය කෙනෙකුට තේරුම් කරවිය හැකිද යන ප්රශ්නය අපට තිබෙනවා. ජනමාධ්‍යකරුවන් ලෙස මෙය විසඳීමට කටයුතු කරන්නේ කෙසේද? උතුරේ යුද්ධයක් නැහැ. එහෙත් ගැටුම සහ අර්බුදය අදටත් තිබෙනවා. ගැටුමක් දියත් කිරීමට යම් කිසි ප්‍රමාණයක බල සතුවීමක් අවශ්‍යයයි. වතුකරය නිහඬ වුණේ බලසතුවීමක් නොමැතිවූ නිසයි.
ඉහත කරුණු ගැන විශ්වාසයෙන් සිතිය හැකි නම් අපට තවදුරටත් ජිනීවා හෝ ෆෙඩරල් ක්‍රම ගැන කතාවක් අදාළ නොවනු ඇති. රටේ නොමනා බෙදීම් ගැන කතාවක්ද අදාළ නොවෙනු ඇති. අප එසේ නොවන විට ඒ අය අපෙන් විවිධ දේ ඉල්ලීම ස්වාභාවිකයි. එසේ නම් අපේ ඉරණමත් අයිතිවාසිකම්ද තීරණය කරන්නේ කවුද?
ලොකුපුතා පාර්ලිමේන්තුවේ. පොඩිපුතා පළාත් සභාවේ. ලොකු දුව පළාත් පාලන ආයතනයේ. එතෙන්දී පවුල පමණක් විමධ්‍යගත වෙලා. සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික භේදයෙන් වැඩක් නැහැ. ඒ අයට ඇත්තේ සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඔවුන්ට ඇත්තේ ඇතිනැති සමාජ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. සමහර අයට ඇත්තේ ආර්ථික වාසි ලබාගැනීමේ ප්‍රශ්නයක්. ඒ අනුව ඒ අය මේවා භාවිත කරනවා.
ඒ අවදානම තිබියදී රට පාර්ශ්වයන් තුනකට බෙදී සිටින විට මාධ්‍යවේදීන්ගේ වෘත්තිමය වගකීම කුමක්ද? එහිලා අලුත් කථිකාවතක් ගොඩ නැංවිය යුතුයි. ඒ විශ්වාසයන් හැටියට නොවෙයි. තර්ක මිස විශ්වාසය පදනම් කරගත යුතු නැහැ. ජනමාධ්‍ය සමාජ අඩවි හරහා ඇතුළුවන දේ අවදානම් විය හැකියි. මේවා විශ්වාස කරනවා. ඒවා දැනෙනවා වගේ කියනවා.
මේවා වාර්තාකරණයෙන් ඔබ්බ්ට යා යුතුයි. එසේ නොවුණහොත් නැවත දිගන, අලුත්ගමට වඩා ප්‍රශ්න ඇති විය හැකියි. මේවා පතුරුවන්නේ ධනේෂ්වරයන් විසින් බව අප තේරුම්ගත යුතුයි. ඇමෙරිකන්කාරයා පවා ඇමෙරිකන් බඩු ගන්න යැයි බල කරනවා.
මාධ්‍යවේදියෙකුට තමන්ගේ මතයක් තිබිය නොහැකියි. දැනුම, අවබෝධය ජනතාවට දෙන මාධ්‍යයන් තම මතය ක්ෂේත්‍ර දෙකක් ලෙස නොවිය යුතුයි. කතුවැකිය එසේවිය හැකියි. එහෙත් හැම ලිපියක්ම එසේ විය නොහැකියි.
ගත වූ දේශපාලනයේ තීරණාත්මක මත ඉදිරිපත් වුවත් එහෙම කියන අයට මතයක් විනා ඔවුන්ට තිබූ තාර්කික සාක්ෂි මොනවාද? යාපනය විශ්වවිද්‍යාලයයේ ජාතිවාදය තදින්ම පැහැදිලිව ස්ථාපනය වෙලා. දෙපැත්තටම සමසේ චෝදනා කරගන්නවා. අපට මෙන්ම අන් ජාතීන්ටත් සංස්කෘතික අගයන් උරුමයන් තිබෙනවා. ජාතිකත්වවාදී ජාත්‍යන්තරවාදයක් ගැන ඇසෙන්නේ ඒ නිසයි. ඇත්තෙන්ම අපට තර්කනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මාධ්‍යකරුවන් ලෙස හැමදාමත් වැටෙන උගුල්වලට නොවැටිය යුතුයි.
අන්න එවැනි පසුබිමක් තුළ අපට තාර්කිකව හේතු දැක්විය හැකි නම් අප විශිෂ්ට මාධ්‍යවේදීන් බවට පත් වෙනවා. නමුත් අපට ඇත්තේ විශ්වාසයන් පිළිබඳ නම් එය ඇදහීම්ය. එහිදී සාවද්‍ය උභතෝකෝටික මත පදනම්වන තර්ක අපි නිර්මාණය කරනවා.
අපි මෙහෙම හිතමු. අපට අන්ත දෙකක් තියෙනවා. අපි ශ්‍රීලංනිපයට විරුද්ධව එජාපයට යමක් කියනවා. ඇයි අපට මේ දෙක ගැනම මධ්‍යස්ථව ඉන්න බැරි? ඒ අර දේශප්‍රේමියා
සහ දේශද්‍රෝහියා යන විශ්වාසයත් මතය තුළයි.
ඔබ ජිනීවා යෝජනාවලට විරුද්ධ නොවේ නම් ඔබ සැබෑ ලාංකිකයෙකු නොවේ යන තර්කය ඉතා බරපතළයි. එහෙත් ඒ එය ප්රජාතන්ත්රවාදය ගරු කිරීම නොව අන් අය නිහඬ කිරීමේ උත්සාහයක් බව අමතක නොකළ යුතුයි.
අතුරුදන්වූවන්ගේ කතාව සංවේදී කතාවක්. දකුණේ අයටත් මේ අවාසනාවන්ත තත්ත්වය තියෙනවා. හමුදාවේ අයත් ඒ අවාසනාවට මුහුණ දුන්නා. නමුත් පෞද්ගලික මතවාද දක්වා මෙහි තාර්කික බව ප්‍රතික්ෂේප කරනවා.
විශ්වවිද්‍යාල උපාධිය තුළින් රැකියාවකට යොමුවීමට ඇති හැකියාව අඩුයි කියනවා.
ඒ තර්කය ඉදිරිපත් කළේ දේශනවලට නොආ කෙනෙක්. නමුත් එය ප්‍රතික්ෂේප කිරීමට මට හැකිද? මා තර්ක කළ යුත්තේ එය තුළ ඇතිදේ ගැනයි.
අධිකාරියකට ඒ කියන්නේ විද්වතුන්ට ප්රභූන්ට අනිසි වටිනාකමක් ලබාදීම සිදුවෙනවා. ලොකු අයගේ නම් දමා එම තර්කයට ලොකු වටිනාකමක් දෙනවා. තර්කය ප්‍රතික්ෂේප කළ යුතු වු විට යම් අයෙකු එයට යොදා ගන්නවා.
මේ වන විට මාධ්‍යවේදීන් ඉහළ වෘත්තිකයන් වුවත් අඩුම මට්ටමකින් සලකන්නේද ඔවුන්මයි. එය ඔබ අතරින් නිවැරදි කළ යුතු දෙයක් මිස ඉහළින් වන්නේ නැහැ. එයද කුමන්ත්‍රණයක් වගෙයි.
තමාගේ පෞද්ගලික අත්දැකීම් පොදු තර්කයක් බවට පත්කිරීම ඉතා භයානකයි. තමන්ගේ අත්දැකීමට වටිනාකමක් තියෙනවා. එහෙත් එය තාර්කික නැහැ. ඒ නිසා එය හැමවිටම අදාළ වන්නේද නැහැ.
මගේ තර්කය වන්නේ වාර්ගිකත්වයයි. එයට වැදගත් වන්නේ අපේ ක්‍රියාවලියන් මිස අපේ වාර්ගිකත්වය නොවෙයි. සමානයි විෂමයි යන්න හිතන්න. ඒ නිසා මාධ්‍යවේදියාට තමන්ගේ මතවාදය ගෙන එන්න බැහැ. රෝගාබාධයට පත්වූ සංස්කෘතියක ඔබේ වෘත්තිය ගැන ඔබ හිතන්න.
යම් ජාතියකට විරෝධය දැක්වීම සිදුවෙනවා නම් මාධ්‍යවේදය එයට ප්‍රතිකර්ම කළ යුතුයි. වෙබ් අඩවි 65ක යම් ජාති, ආගම් විරෝධී වෛරය තිබෙනවා. ඒ නිසා තිබෙන ගැටලු විසඳන්න විකල්ප පිළිතුරු දෙන්න නම් එයින් ඔබ්බට යා යුතුයි. දැන් තියෙන තත්ත්වය කරාමය හැරීම පමණකින් අර්බුදය ඇති කළ හැකි තැනට පත්ව තිබෙන බව පෙනෙනවා.
අපි පොදුවේ කතිකාවතක් ගොඩ නංවමු. සාධාරණය සමානාත්මතාව අන්‍ය ගරුත්වයට පදනමක් වන කතිකාවතකට ජනමාධ්‍යකරුවා ප්‍රමුඛතාව දිය යුතුයි. මාධ්‍යවේදීන්ගේ පීඩනයට සහ බලපෑම වැළැක්වීමට හැක්කේ මාධ්‍යවේදීන්ගේ ශක්තිය තුළයි. මාධ්‍ය ආයතනයන්ට බලපෑම් කිරීම තුළ මාධ්‍යකරුවාට අවදානම තිබෙනවා.
අප බැලිය යුත්තේ ඉතිහාසය නොවයි. ඉතිහාසය ලිවීම සිදුවෙනවා. ඉතිහාස කරණයේදී මධ්‍යස්ථව ලිවිය යුතුයි. මහා ඉතිහාස නොව කුඩා ඉතිහාස අවශ්‍යයි. එය විකල්ප ඉතිහාසයයි. එය ජනතාව දන්නවා.
අපි හොඳ පුද්ගලයන් අපි වෙනුවෙන් පත්කර යවා ඔවුන් ශ්‍රේෂ්ඨ යැයි පිළිගැනීමට මැළිකමක් දක්වනවා. ඒ අපේ සංස්කෘතික ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය විනාශයි. රජය දෙන්නේ ගුරුවරුන්ගේ වැටුප පමණයි. ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපනය තිබුණේ මේ රටේ පමණයි. නැති බැරි අයෙකුට වුවත් වෛද්‍යවරයෙකු විය හැකිව තිබුණේ මේ රටේ පමණයි. දැන් එයත් අහිමි වෙමින් තිබෙනවා. සමාජය අවුල් යැයි කියමින් අපේ එකම ඉලක්කයත් දරුවන් ඉංජිනේරුවන් දොස්තරවරුන් කිරීමයි.
ආත්ම ගරුත්වයක් ඇති සමාජයක් වී නම් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 500 දක්වා මහජන නියෝජිතයන් විකිණෙන්නේ නැහැ. මාධ්‍යකරුවන් මේවා දැකිය යුතුයි.
මාධ්‍ය ගැන කතා කළොත් වරද ඇත්තේ මාධ්‍යයේ නොව එය භාවිත කරන්නන් සහ කරන ආකාරය අතරේයි. මුහුණුපොතද සමාජ මාධ්‍යයද එසේමයි. ප්‍රභූ මාධ්‍යවේදීන් යන පිරිසක් ජාත්‍යන්තර මට්ටමට රිංගා ලක්ෂ ගණනින් උපයනවා. ඒ අය දේශීය වශයෙන් මාධ්‍ය රැකගැනීමට උනන්දු වන්නේ නැහැ. සමහරු ලංකාවේ මාධ්‍යයට දියාරු ලිපි ලියමින් විදේශීය මාධ්‍යයට අවශ්‍ය හරබර ලිපි ලියනවා. එය ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියක්. යහපත් මාධ්‍ය පරිභෝජනයක් නිර්මාණය කළ යුත්තේ මාධ්‍යකරුවන් විසින්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd