සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලැබීමෙන් පසු එරට තේරීපත් ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත් රොබට් මුගාබේ අවුරුදු 95ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය.
පසුගිය කාලය පුරා අසනීප තත්ත්වයෙන් පසුවූ හිටපු ජනපතිවරයා, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ සිය දිවි ගමනට සමුදී ඇත.
2017 වසරේ සිදුවූ හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කෙරුණු හිටපු ජනපතිවරයා, දශක තුනක කාලයක් සිම්බාබ්වේ ජනපති පදවිය ඉසිලීය.
සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලැබීමෙන් පසු වර්ෂ 1980 දී එරට පැවති මහ මැතිවරණයෙන් අගමැති පදවියට පත් ඔහු, වර්ෂ 1987 දී එරට ජනාධිපතිවරයා බවට පත්විය.
වත්මන් සිම්බාබ්වේ නායක එමර්සන් මනන්ග්වා හිටපු නායකයාගේ අභාවය ගැන සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, ඔහු වත්මන් සිම්බාබ්වේ රාජ්‍යයේ නිර්මාතෘවරයෙකු ලෙස ඔහු හඳුන්වා ඇත.