ළමා පෞද්ගලිකත්වයේ නීතිය හෙවත් ඔවුන් සතු පෞද්ගලිකත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් යූටියුබ් සමාජ ජාලය ඇ.ඩො.මිලියන 170ක (රු.කෝටි 3,000ක් පමණ) වාර්තාගත දඩයකට යටත්ව තිබේ.
එක්සත් ජනපදයේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම වෙත යූටියුබ් සමාජ ජාලයේ හිමිකාරීත්වය දරණ ගූගල් සමාගම විසින් මෙම දඩ මුදල ගෙවා දමමින් මෙම චෝදනා සමතයකට පත්කර ගැනීමට එකඟත්වය පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
දෙමවුපියන්ගේ කැමැත්තකින් තොරව වයස අවුරුදු 13ට අඩු දරුවන් ඇසුරෙන් දත්ත එක්රැස් කිරීමක් සිදුකළ බවට යූටියුබ් සමාජ ජාලයට මෙම චෝදනා ගොනුවී ඇත.
ඒ අනුව, මෙම දත්ත උපයෝගී කර ගනිමින් කුඩා දරුවන් ඉලක්ක කර දැන්වීම් පළ කිරීමට ගූගල් ක්රියාකර ඇති බව පවසන ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම, එය වර්ෂ 1998 දරණ දරුවන්ගේ මාර්ගගත පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කරයි.