ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා අතුරුදන් වීමේ වරදත් මිනිසාටම
ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා ලෙස සැලකෙන එළිෆන්ට් බර්ඩ් පක්ෂියාගේ පොසිල් අස්ථි කොටස්වල කැපුම් තුවාල හමුවීමත් සමග මෙම පක්ෂීන් ලොවෙන් තුරන් කිරීම පිටුපස ප්රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසා හේතු වන්නට ඇති බවට සැකයක් ඇති වී තිබේ.
මැඩගස්කරයේ ජීවත් වූ මේ දැවැන්ත පක්ෂීන් දඩයම් කරමින් එම සතුන් ආහාරයට ගැනීමට එකල මිනිසා ක්රියාකරන්නට ඇති බව විද්‍යාඥයෝ පවසති.
කාල නිර්ණයට අනුව හමුවූ පොසිල් අස්ථි කොටස් වසර 10,000ක පමණ ප්රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන්නකි.
කෙසේ වෙතත්, මීට පෙර විශ්වාස කෙරුණේ මීට වසර 2,500 - 4,000ත් අතර කාලයක මැඩගස්කරයේ මුල්ම පදිංචිකරුවන් එහි එන්නට ඇති බවය.
කෙසේ වෙතත්, මෙම නවතම සොයාගැනීමත් සමග මානව ජනාවාස සම්බන්ධ මැඩගස්කරයේ අතීතය තවත් වසර 6,000කින් පමණ ආපස්සට තල්ලු වීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මෙම පක්ෂීන්ගේ අතුරුදන්වීම මීට වසර 1,000කට පමණ පෙර සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.



popular news
-
Sithun Santhuja Silva Saturday, 12 June 2021 11:16 AM
beautiful
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
