යුද හමුදා කාන්තා ලාන්ස් කෝප්‍රල්ගේ නිපැයුම ලෝකයේ දෙවැනි තැනට
කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ ලාන්ස් කෝප්රල් ජේ.සී.අයි. නිශාන්ති එහි දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
දකුණු කොරියාවේදී ජුනි මස 20 දින සිට 23 දින දක්වා පැවැති ප්‍රදර්ශනයේදී ලෝකයේ රටවල් 38 ක් නියෝජනය කරන නවෝත්පාදන තරඟකරුවන් සියගණනක් අභිබවා යමින් ‘කාන්තා සනීපාරක්ෂක තුවා සහ ආරක්ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්ෂමව දහනය කිරීමේ යන්ත්‍රයට’ ඉංජිනේරු අංශයේ රිදි පදක්කම හිමිවිය.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද ‘සහසක් නිමැවූම් 2018’ ජාතික නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයේ දී ප්‍රථමවරට නිර්මාණාත්මක නවෝත්පාදනයක් ඉදිරිපත් කර රන් පදක්කමක් දිනාගැනීමට ඇය සමත්වූවාය.
ඇය 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්රල්වරියක් ලෙස කටයුතු කරන්නීය. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් ඇයගේ නව නිපැයුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සකස් කර යුද්ධ හමුදාව නියෝජනය කරමින් ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නව නිපැයුම් ප්‍රදර්ශනය - 2019’ (KIWIE) සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
රිදී පදක්කමක් හිමිකරගත් ලාන්ස් කෝප්රල් ඉකුත් බදාදා (26) දින සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තෙටුපලෙන් දිවයිනට පැමිණි අතර එහිදි, යුද්ධ හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී I (අතිරේඛ) මේජර් නයෝමි රත්නායක ඇතුළු කාන්තා සෙබළියන් කිහිපදෙනෙකු විසින් අයුරින් පිළිගනු ලැබීය.

popular news
-
Champa Friday, 28 June 2019 10:48 AM
අපිට ඔබ ගැන ආඩම්බරයි, නිශාන්ති. ඔබේ දිනාගත් ජාත්‍යන්තර රිදී පදක්කම හමුදාවටත් රටටත් ගෞරවයක්.
Reply : 0 0
Kumar Friday, 05 July 2019 08:57 PM
මෙවැනිදෑ කියවන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඔය නියුම ආරක්ෂ කරගැනීමට patent එකක් ලබාගන්න. එසේ නොකොළොත් නොනගෙ එම නිෂ්පාදනයෙන් කිසිම වාසියක් ලැබෙන එකක් නැහැ. ඔබගේ නියුම යොදා චීනය සහ කොරියාවේ නිෂ්පාදකයෝ ඩොලර් කොටිගනනක් උපාය ගනී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

