සීගිරිය 3D වෙයි
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.
විනාඩි 15 ක පමණ කාලයකදී ත්‍රිමාණ රූප සමග සජීවී කරන තාක්ෂණය යටතේ ඉපැරණි සීගිරිය රජු දවසේ පැවැති ආකාරය දැක බලා ගැනීමට මෙන්ම සීගිරිය පැවති ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී සීගිරියට පැමිණෙන සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීම සඳහා සිගිරිය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ගමන් කිරීම සඳහාත් මෙම අත්හදා බැලීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.
බටහිර දොරටුවේ සිට සීගිරි ගල මුදුනේ පිහිටි රජ මාලිගාව දක්වාම ඉපැරණි රජ දවස මෙහි නිර්මාණය කොට තිබේ.
සිංහ පාදය සීගිරි බිතුසිතුවම් දිය පොකුණු සීගිරි අප්සරාවන් ආරක්ෂක බල මුළු ස්ථාන සීගිරි කසුප් රජු අප්සරාවියන් සමඟ දැක්වෙන ත්‍රිමාණ රූප සජීවීකරණයෙන් නිර්මාණය කොට තිබේ.
මෙහි තාක්ෂණික නිලධාරීන් කියා සිටියේ සීගිරිය පිළිබඳව වසර එකහමාරක පමණ කාලයක සිට අධ්‍යයනය කොට සීගිරියේ පිහිටි වර්තමාන ගොඩනැගිලිවල උස දිග පළල පිහිටීම් ආකාරය සියල්ල අධීක්ෂණයෙන් පසු එම ක්‍රමවේදයටම ඉපැරණි රජ මැදුර ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කොට තිබෙන බවය.
එස්. කරුණාරත්න




popular news
-
Champa Monday, 20 May 2019 02:20 PM
චික් විතරක්. හරිම කැතයි. කාල සීගිරිය.
Reply : 1 4
ලසන්ත Tuesday, 21 May 2019 07:21 AM
ගලමුදුනේ මාළිගාවක් තිබුනේ නැද්ද
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

