පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා
පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කරමින් තිබියදී අද (17) දින ඒ සඳහා යොදා ගත් යන්ත්ර සූත්ර අත්අඩංගුවට ගත් බවත් මෙම කටයුතු මෙහෙයවු සැකකරුවන් සම්බන්ධව අධිකරණයට වාර්තා කරන බවත් පුත්තලම දිසා වන නිලධාරි භාරත දිසානායක මහතා පවසයි.
පුත්තලම ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් මනතිව් ග්රාම නිළධාරි වසමට අයත් කාසන්තිව් රජයේ කැලෑවට මෙසේ ඩෝසර් යන්ත්ර තුනක් යොදා ගනිමින් කඩොලාන සහිත භුමියද ඇතුළු අක්කර 40 කට ආසන්න භුමියක් මෙසේ ඩෝසර් කර ඇති බව වන සංරක්ෂණ නිළධාරින් පවසයි.
මෙම ප්රදේශය රක්ෂිත වනාන්තරයක් කිරීමට සුදානම් කර තිබියදී මෙම විනාශය සිදුකර ඇති බව පරිසරවේදින් චෝදනා එල්ල කරයි.
අදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ








popular news
- 
                            
Gamarala Tuesday, 17 September 2019 01:59 PM
Just once shoot at such case. No one never do it again. Its like garbage tea export. Thiusand kilos alwaysbfound,then again next month 2thousand kilos. LAW AND FOOLISHNESS CANT GO TOGETHER.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                