පරිසර අලංකරණ කටයුතු ගැන ජනපතිගෙන් පොලීසියට නියෝග
පරිසරය ආරක්ෂා කිරීමට හා පරිසර අලංකරණය නැවත විධිමත් තත්ත්වයකට පත්කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොලීසියට නිශ්චිත උපදෙස් ලබාදී ඇත.
එම උපදෙස් මත හා ආරක්ෂක ලේකම්වරයාගෙන් අධීක්ෂණය මත පරිසරය සුරැකීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ යටතේ මූලිකවම ශ්‍රී ලංකා පොලීසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබේ.
කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.









popular news
-
Champa Sunday, 24 November 2019 05:13 PM
හායියෝ මේ මොකක්ද? විහිළුවක් මේක. ඉස්සෙල්ල හමුදාව. දැන් පොලිසිය. අර ලොකු පොලිස්කාරයොත් පාරේ හිටන් ඉන්නවා කම්කරුවෝ කුණු අරන් යනව බලන්න. මේ මිනිස්සුන්ගේ වෘත්තීය ගරුත්වයට මෙහෙමද සලකන්නේ? අනික පොලිසිය දාල බය කරලා පරිසරය පිරිසිදු කරන්න බැහැ. විමල් හරි ඉහලින් වර්ණනා කලානේ එයාගේ ඇමරිකන් ජනාධිපතිතුමා නගර අලංකරණය පිලිබඳ කප්පිත්තෙක් කියලා. පොලෝසිය දාලද නගරය පිරිසිදුව තියෙන්නේ? කෝ ජනාධිපතිතුමනි ඔබතුමාගේ පරිසර ප්‍රතිපත්තිය? කසල ඉවත්කිරීමේ ප්‍රතිපත්තිය? ඉස්සෙල්ල ඔය දෙක පත්තරේ දානකො ජනතවට කියවන්න. හමුදා නිලධාරියෙක් නිසා දන්නේ නැතුව ඇති හමුදාවයි පොලිසියයි නැතුව වැඩක් කරගන්න හැටි. කෝ කොලයක් දෙන්න මට. මම විනාඩි දෙකෙන් ලියල දෙන්නම් ඔයි වැඩේ පටන් ගන්න ඕනේ කොතනින්ද කියල. හමුදා නිලධාරියෙක් රටේ ජනාධිපති වුනු එකට මම කැමතිම නැහැ. නැත්නම් මෙතනම ලියනවා පටන් ගන්න ඕනේ කොතනින්ද කියල. විමල් මොනවා කිව්වත් ගෝඨාභයට කසල කළමනාකරණය ගැන දැනීමක් නැහැ. එහෙම තිබ්බනම් කරන්නේ මේක නෙමෙයි. ඔහුට දන්නේ බලය යොදල යමක් කරන්න විතරයි. පහුගිය අවුරුදු 71 පුරාම මිනිස්සු දැක්කේ ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් දීම. මේ පාරත් එහෙමමයි.
Reply : 208 20
Champa Monday, 25 November 2019 05:03 PM
ඉස්සෙල්ල comment එක පොඩ්ඩක් සැර වැඩි වගේ හින්ද ආයේ ලියන්න හිතුව. පහුගිය ආණ්ඩුව කාලේ කොළොඹ පිරිසිදුවට තිබ්බ හමුදාව ලව්වා. ඒ ආණ්ඩුව වැටුණු ගමන් මිනිස්සු ආපහු කුණු දාන්න පටන් ගත්ත. දැන් ආයෙම කරන්නේ ඒක. පාරවල් වලින් කුණු ඉවත් කිරීමයි කසල කළමනාකරණයයි කියන්නේ දෙකක්. ආණ්ඩුවකින් ජනතව බලාපොරොත්තු වෙන්නේ කුණු ඉවත් කිරීම නෙමෙයි කසල කළමනාකරණය. කුණු ඉවත් කරන එක මිනිස්සු එකතු වෙලා ශ්රමදානයකිනුත් කරන්න පුළුවන්. කසල කළමනාකරණය එහෙම කරන්න බැහැ. ඒකට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොලිසිය හිටියත් නැතත් පාරවල් වල කුණු තියෙන්න බැහැ. මම ජනාධිපති නම් ඉස්සෙල්ලම කරන්නේ රටේ සියලු නගරාධිපතිවරුන්ගෙන් වාර්තාවක් කැඳවන එක. ඒ මොකොද කිව්වා නම් නගර වල කසල ඉවත් කිරීම භාර වෙලා තියෙන්නේ මහා නගර සභා, නගර සභා, සුළු නගර සභා වලට නිසා. වාර්තාවෙන් ඉල්ලන්නේ මට අවශ්‍ය කරුණු ටික. ඊට පස්සේ ඒ දත්ත විශ්ලේෂණය කරලා බලනව මගේ කසල කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කොයි විදිහටද කියන එක. අමාරු වැඩක් නෙමෙයි. කොළොඹ කුණු අරුවක්කාලු ගෙනියල කොළොඹ සහ අවට නගර පිරිසිදු කරන එක කසල කළමනාකරණය නෙමෙයි.
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

