කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නාවික හමුදාවෙන් මෙඩි මේට්
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.
එම උපකරණය අද (08දා) නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාර දෙනු ලැබීය.
මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්හට රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්ෂණ විනිශ්චය කිරීමට සහ ඔවුන් සමඟ කථා කිරීමටත්, රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා දීමටත්, ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත්, හැකියාව ඇත. ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය කාර්යමණ්ඩල සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම උපකරණය මගින් පහසුකම් ලබා ගැනීමට ප්‍රථම එය භාවිතා කරන්නාගේ දෑත් විෂබීජ හරණය කිරීම සඳහා ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණ උපකරණයක්ද මෙම යන්ත්‍රය සතුව පවතී.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් මීට පෙරද විෂබීජහරණය කල හැකි කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලද අතර, එම කුටිය තව තවත් වැඩි දියුණු කරමින් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල යන ස්ථානයන්හි ස්ථාපනය කිරීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.








popular news
-
Champa Wednesday, 08 April 2020 05:58 PM
ජාත්‍යන්තර මට්ටමේ නිමවුමක්. මේකේ පේටන්ට් බලපත්‍රය තියෙන්න ඕනේ තුෂාර කැළුම්ට. නාවුක හමුදාව මේ වෙනුවෙන් දක්වපු දායකත්වය විශිෂ්ඨයි. නිර්මාණයත් සංයුක්තයි. හුරුබුහුටියි. වැඩි ඉඩ කඩක් ගන්නෙත් නැහැ. අපේ මිනිස්සුගේ දක්ෂතා ගැන ආඩම්බරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

