ලංකාවේ ඉන්ටනෙට් වේගය ඉන්දියාවට වඩා වැඩියි
ශ්රී ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවට වඩා ඉහළ අගයක පවතී. ඒ අනුව ඉන්දියාවේ 4G වේගය තත්පරයට මෙගා බයිට් 6.07ක් ලෙස සටහන් වන අතර, ශ්රී ලංකාවේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.95ක් ලෙසට සටහන් වෙයි. පාකිස්තානයේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.56කි.
ලෝකයේ අන්තර්ජාල වේගය වැඩිම රට ලෙස සිංගප්පූරුව නම්ව තිබේ. ඔවුන්ගේ අන්තර්ජාල වේගය තත්පරයට මෙගා බයිට් 44.31කි. ඇමෙරිකාවේ 4G අන්තර්ජාල වේගය තත්පරයට මෙගා බයිට් 16.31ක් ලෙස දැක්වෙයි.
ලෝකයේ වැඩිම 4G අන්තර්ජාල පහසුකම් ආවරණයක් ඇති රටවල් අතර ප්රමුඛතාව ලැබී ඇත්තේ දකුණු කොරියාවටය එම අගය 97.49%කි. රටවල් 88 අතර මින් 67%ක් 70%ට වැඩි 4G අන්තර්ජාල පහසුකම් ආවරණය කරගෙන ඇත.
රටවල් 88ක දත්ත ඇසුරු කරගෙන Open Signal නම් ආයතනය මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.
popular news
-
Kinith Hettiarachchi Friday, 17 August 2018 04:53 AM
MBPS කියන්නෙ තත්පරයට මෙගා බයිට් නෙවෙයි, තත්පරයට මෙගා බිට්. 16MBPS කනෙක්ෂන් එකකින් තත්පරයට මෙගාබයිට් 2ක් විතර ඩවන්ලෝඩ් කරන්න පුලුවන්. වේගය වැඩි වෙන එක නම් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

