නවක වදය ගැන කියන්න APP එකක්
විශ්වවිද්‍යාල නවකවදය මේ වන විට අශිෂ්ට, අශීලාචාර, අමානුෂික ක්‍රියාවක් බවට පත්ව තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය විශ්වවිද්‍යාල බලධාරීන්ට හෝ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත්, නවකවදය ලබාදෙන කණ්ඩායම් සංවිධානාත්මක අපරාධ කල්ලි ලෙස හැසිරීම හේතුවෙන් මේ පිළිබඳ පැමිණිලි ලැබීමද ඉතා සීමිත බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව ජංගම දුරකථන නව යෙදුමක් (App) හඳුන්වා දී තිබෙන බවත්, මෙම යෙදුම මගින් අදාළ පැමිණිලි කළ හැකි බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම ක්‍රමය මගින් නවකවදය නවතා දැමීමට නොහැකි වුවහොත් මීට වඩා වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවද ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වා දීම වෙනුවෙන් අද (06දා) පැවැති වැඩසටහනකදී හෙතෙම සඳහන් කළේය.
popular news
-
තිවංකා දයානන්ද Wednesday, 19 September 2018 12:58 PM
උසස් අධ්‍යාපන ඇමතිතුමා විශ්වවිද්‍යාල නවකවදය මේ වන විට අශිෂ්ට, අශීලාචාර, අමානුෂික ක්‍රියාවක් බවට පත්ව තියෙනවා කියලා දිගින් දිගටම කියනවා. කොහේ හරි ඒ වගේ නින්දා සහගතව තවත් කෙනෙක් හිංසාවට ලක්වෙන යමක් සිද්ධ වෙනවා නම් ඒක අතිශය වැරදීයි. මම ඉගෙන ගන්න කැලණිය විශ්වවිද්‍යාලය ඇතුලේ නම් ඔය කියන විදියේ අතිශය බියජනක අමානුෂික ක්‍රියාදාමයක් දකින්න නැහැ. වගකීමෙන් කියන්නේ. අනිත් විශ්වවිද්‍යාල ගැන කියන්න මම දන්නේ නෑ. අනිත් විශ්වවිද්‍යාලවල සහෝදර සහෝදරියොත් මේවට උත්තර දෙන්න ඕන කියන එක මගේ පෞද්ගලික අදහසක්. පොදු සමාජය ඇතුලේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගැන අමුතුම භීතිකාවක් නිර්මාණය කරලා විශ්වවිද්‍යාල වරම් ලබපු ළමයින්ටත් විශ්වවිද්‍යාලය අප්‍රසන්න තැනක් බවට පත්කරන්නේ මොන වර්ගයේ න්යායපත්රයකටද කියලා දන්නෝ දන්නවා. පෞද්ගලික අධ්‍යාපනය දියුණු වෙන රටකට අවශ්‍යයි. ඒ නිශ්චිත ක්‍රමවේදයක් වගේම නියාමනයක් තුළ. ආණ්ඩුවක් ක්‍රියා කරන්න ඕන පෞද්ගලික විශ්වවිද්‍යාලය උත්කර්ෂයට නංවන්න නෙමෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය වර්ධනය කරන්නයි. නිදහස් අධ්‍යාපනය රටේ දියුණුවට භාවිතා කරන්නයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


