දකුණු අප්රිකාව හමුවේ ලංකාවට පරාජයක්
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබීමට ශ්රී ලංකාවට සිදුවිය. තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ ශ්රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ලෙසින් මෙය ඊයේ (12දා) ශා. ලුසියාහිදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනූ ද. අප්රිකානු ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා ක්රීඩිකාවන්ට සිය පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 99 ක් පමණි. සශිකලා සිරිවර්ධන (21) හා ඩිලානි මනෝදරා (20) හැරුණු කළ අනෙක් කිසිදු ක්රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකි විය.
ඒ අනුව ලකුණු 100 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ද.අප්රිකානු ක්රීඩිකාවෝ පන්දුවාර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ. මරිසානා කෙප් (38) හා ඩෑන් වැන් නිකර්ක් (නොදැවී 33) ද.අප්රිකාව ජයග්රහණය කරා රැගෙන ගිය අතර උදේෂිකා ප්රබෝදිනී, ශ්රීපාලි වීරක්කොඩි හා සශිකලා සිරිවර්ධන අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.
තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වූ පළමු තරගය වූ එංගන්තයට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි. ශ්රී ලංකාව මෙම පරාජයත් සමගින් 'ඒ' කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ රැඳී සිටින අතර එහි පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තයයි.
ශ්රී ලංකාව 99/8 (පන්දුවාර 20)
සශිකලා සිරිවර්ධන 21 (27,4x2, 6x1), ඩිලානි මනෝදරා 20 (12, 4x4), නිලක්ෂි ද සිල්වා 10 (16), ෂබ්නිම් ඉස්මයිල් 3/10 (පන්දුවාර 4), ඩෑන් වැන් නිකර්ක් 1/7 ( පන්දුවාර 3)
ද. අප්රිකාව 102/3 (පන්දුවාර 18.3)
මරිසානා කෙප් 38 (44,4x4, 6x1), ඩෑන් වැන් නිකර්ක් (නොදැවී) 33 (45, 4x4), මිග්නොන් ඩු ප්රීස් (නොදැවී) 16 (16, 4x3), සශිකලා සිරිවර්ධන 1/12 (පන්දුවාර 4), ශ්රීපාලි වීරක්කොඩි 1/21 ( පන්දුවාර 4)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

