ඔක්කොම දන්නවා පරාජය වුණා කියලා
ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හදාගෙන ඉදිරියට ගමන් කළ යුතු බවත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ආසියානු කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19දා) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව පැවැසීය.
“දුකයි (පරාජය) . දුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ” යැයි ඔහු වැඩිදුටරත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ සුරංග ලක්මාල් සඳහන් කළේ සෑම දෙයක්ම එළියට එන්නේ කණ්ඩායම පරාජය වූ වි බවයි.
“කණ්ඩායමක් ලෙස අපි හොඳින් ක්‍රීඩා කළා. හැමදේම ඉදිරියට ඒන්නේ පරාජය වුණාම. තරගාවලිය ජයග්‍රහණය කළානම් ඔය කිසිම දෙයක් එළියට පේන්නෙත් නෑ. කිසිම කෙනෙක් කිසිම දෙයක් කියන්නෙත් නෑ. ඕනම කණ්ඩායමකට ඕනම අවස්ථාවක මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එක තරගාවලියක් අසාර්ථක වෙනවා කියලා දිගටම අසාර්ථක වෙනවා කියන එක නෙමෙයි. අපි රටක් විදිහට තේරුම් ගත යුත්තේ.” යැයි ඔහු පැවැසීය.

popular news
-
Champa Thursday, 20 September 2018 03:16 PM
නැහැ එහෙම ඉවසන්න මිනිස්සු බැඳිලා නැහැ. මාලිංග ඔහොම කියන්නේ කණ්ඩායම් හැඟීම නිසා. නමුත් ප්‍රේක්ෂකයන්ට පුළුවන් ඇත්ත කතා කරන්න. රටක් විදිහට හිතන්නේ ප්‍රේක්ෂකයෝ විතරයි. පැහැදිලිවම කණ්ඩායම එහෙම හිතන්නේ නැහැ. පන්දු රැකීම අතින් අන්තිම දුර්වලයි. පහරදීම අතිනුත් දුර්වලයි. Bowlers ල විතරයි ටිකක් හරි හොඳ. සෙල්ලම් කරන හැටි දැක්කම පේනවා දිනන්න ඕනේ කියන කිසිම හැඟීමක් නැහැ කියලා. ඒ හින්දා 2015න් පස්සේ අයින් කරපු හෝ යන තැනට වැඩ සිද්ධ කරපු ඩිල්ෂාන් වගේ දක්ෂ ක්‍රීඩකයන් ආපහු කණ්ඩාමට අරන් captaincy එක දීල කණ්ඩායමට නව ජීවයක් දෙන්න ඕනේ. ඉස්සර නවකයෝ ඉන්නේ එක්කෙන්කේ දෙන්නෙක් විතරයි. දැන් team කැප්ටනුත් නවකයෙක් ක්‍රීඩා කරන විදිහට. කණ්ඩායමට පීඩනය දරා ගන්න බැරිවුනාලු. බංග්ලාදේශ් ඇෆ්ගන්කාරයන්ගෙන් මොන මඟුල් පීඩනයක්ද? තනිකර ප්‍රෝඩාවක් කරන්නේ. නවකයෝ ඉගෙන ගන්නේ දක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන හැටි බලන් ඉඳලා. දක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කණ්ඩායමෙන් අයින් කරලා නවකයන් ඉගෙන ගන්නේ කාගෙන්ද? වෙලා තියෙන්නේ වැරදි කලාට දඬුවමක් නැහැ. උදා: catches අත හැරිය කියලා demerit කරන්නේ නැහැ. ඉතින් ගානක් නැහැ. එම වැරදීම ආයේ ආයේ කරනවා.
Reply : 0 50
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

